ලංකා බැංකුව B-APP හඳුන්වා දෙමින් 2018 උදාව සමරයි | දිනමිණ

ලංකා බැංකුව B-APP හඳුන්වා දෙමින් 2018 උදාව සමරයි

ලංකා බැංකුව 2018 නව වසර උදාව සැමරුම බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා මහතා සහ මහා කළමනාකරු ඩී. එම්. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වාගමික වතාවත් සහ බැංකුවේ නවතම ජංගම යෙදවුම වන B – APP දොරට වැඩීම සමඟ ආරම්භ කළේය.

 මේ උත්සවය බැංකුවේ ගනු දෙනුකරුවන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එස්. ආර්. ආටිගල මහතා, රනෙල් ටී වි‍ජේසිංහ මහතා සහ සමන්ත රාජපක්ෂ මහතාද බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වයේ සාමාජිකයන් මෙන්ම බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ද සහභාගිත්වයෙන් ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ පළමු මහලේ දී පැවැත්විණි. මේ ප්‍රධාන උ‍ළෙලට සමගාමීව අනෙකුත් ලංකා බැංකු ශාඛා සර්වාගමික වතාවත් සමඟ ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වයෙන් යුතුව තම රාජකාරි ආරම්භ කළේය. 

නව අදහස දක්වන්න