පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ඉස්ලාමීය බැංකු මූල්‍ය ඒකකය සම්මාන දිනයි | දිනමිණ

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ඉස්ලාමීය බැංකු මූල්‍ය ඒකකය සම්මාන දිනයි

පීපල්ස් ලීසිං ෆිනෑන්ස් සමාගමේ ඉස්ලාමීය මූල්‍ය ඒකකය වන අල්සෆා ( AIF ) SLIBFI විසින් පවත්වනු ලැබූ සම්මාන උළෙළේදී ඇගයීමට ලක්විය. කොළඹ රමාඩා හෝටලයේ නොබෝදා පැවැත්වුණු මෙම සම්මාන උළෙළේදී ඉස්ලාමීය බැංකු කටයුතු වල ප්‍රධාන අංගයක් වන ෂරියා අනුමත ප්‍රමිතීන් පවත්වා ගෙන යෑම සඳහා රිදී සම්මානය හා සමාජ සුභ සාධනය සඳහා රන් සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

AIF දකුණු ආසියාවේ පැවැත්වුණු ඉස්ලාමීය මූල්‍ය සංසංදයේද ගෞරවයට පාත්‍ර විය. ආසියාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මේ සඳහා සහභාගී වූ අතර එහිදී දකුණු ආසියානු කලාපයේ ඉස්ලාමීය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසරේ ඉස්ලාමික් ලීසිං සමාගම සඳහා වූ ලෝකඩ සම්මානයද දිනා ගැනීමට සමත් වී ඇත.

මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වන ආයතනයෙහි ජ්‍යේෂ්ඨ කළමනාකරු මොහොදින් මහරුෆ් මහතා පවසා සිටියේ “ 2005 වසරේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කල අතර එම වසරේ සිටම උසස් ඉස්ලාමීය බැංකුකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය කටයුතු පවත්වාගෙන යෑමට අපි දැඩි කැපවීමෙන් ක්‍රියා කරන්නෙමු. වත්මන් සේවාවන් වන ඉජාරා, ෂරියා ප්‍රමිතීන්ට අනුකූලව වාහන හා යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට හා මුරාබහා මඟින් වත්කම් හා වෙළඳ භාණ්ඩ මිලදී ගැනීම සඳහාත් මූල්‍ය පහසුකම් සලසන බවද ඒ මහතා පවසා සිටියේය. එමෙන්ම අපගේ ගනුදෙනුකරුවන්ට ආයෝජන විකල්ප ලබා දී තිබෙනවාග මුදරබාහ් මහතා මඟින් ෂරියා ප්‍රමිතීන්ට අනුකූලව ඉතුරුම් හා ස්ථාවර ආයෝජන අවස්ථා හඳුන්වා දී තිබෙන අතර බාල වයස්කාර අය සඳහා Usfoor ඉතුරුම් ක්‍රමය හරහා ඉතිරිකිරීමේ විකල්ප ලබාදී තිබෙනවා.”

අප විසින් මෑත කාලයේදී හඳුන්වා දෙනු ලැබූ මුෂරාකා සේවාව හරහා වාහන, යන්ත්‍රසූත්‍ර, ඉඩම් හා ගොඩනැඟිලි වැනි වත්කම් සඳහා හා ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙන අතර ඉදිරියේදී වකාලා සේවාවද හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව මහරුෆ් මහතා පවසා සිටියේය.

ආයතනය සිය ගනුදෙනු කටයුතු සිදු කරනු ලබන්නේ ඉස්ලාමීය මූල්‍ය ඒකකයන් ඔස්සේය. වර්තමානයේ එවැනි ඉස්ලාමීය ව්‍යාපාර ශාඛා 08ක් යුනියන් පෙදෙස, දෙහිවල, මහනුවර, කල්මුනේ, කට්ටන්කුඩි, පුත්තලම, මූතූර් හා කින්යා යන ප්‍රදේශවල ස්ථාපිත කර ඇත. මෙම ජාලය දකුණ නැගෙනහිර හා උතුරුමැද පළාත්වල ඉස්ලාමීය බැංකු 03ක් දක්වා පුළුල් කිරීමටද සැලසුම් කර තිබෙන බව ඔහු අවධාරණය කළේය.

වෙනත් සියලුම පීපල්ස් ලීසිං ශාඛා ඉස්ලාමීය මූල්‍ය ඒකකයන් හරහා ක්‍රියාත්මක වේග මෙම ඒකකයේ අරමුණ වනුයේ පීපල්ස් ලීසිං ශාඛා පවත්වාගෙන යන ප්‍රදේශයන්හි ජීවත් වන මුස්ලිම් ප්‍රජාවගේ වැඩිවන මූල්‍ය අවශ්‍යතා සපුරාලීමයි.

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයකි.


නව අදහස දක්වන්න

Or log in with...