ගාල්ලෙන් පොලිසියට ප්‍රහාරයක් | දිනමිණ

ගාල්ලෙන් පොලිසියට ප්‍රහාරයක්

නිරෝෂාන් ප්‍රියංකර

ගයාන් කඩුලු 11යි: උදයවංශ ලකුණු 155යි

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකින් පොලිසිය පරදවා කඩුලු 10ක ජයක් අත්කර ගැනීමට ගාල්ල ක්‍රීඩා සමාජය සමත් විය.

කටුනායක පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පොලිස් පිල ලකුණු 95කට සීමා කළ ගාල්ල ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 315ක් රැස් කළහ. ලකුණු 220ක් පසුපසින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ඇරැඹු පොලිස් කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 228ක සීමාවූයේ ගාල්ලට ලකුණු 9ක ඉලක්කයක් ලබාදෙමිනි.

ගාල්ල ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරා ගෙන යමින් විශිෂ්ට පන්දු යැවීමක නිතරවූ ගයාන් සිරිසෝම ඉනිම දෙකේදී කඩුලු 11ක් (29/5 හා 91/6) දවාගත් අතර අනගි සහයක් ලබාදුන් ලසිත් ප්‍රනාන්දු පළමු ඉනිමේ කඩුලු 5ක් බිඳ දැමීය.

ගාල්ල පළමු ඉනිමේදී නිමේෂ් විමුක්ති ලකුණු 103කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

මේ අතර ගුවන් හමුදාව-නාවික හමුදාව (වැලිසර), කුරුණෑගල යූත්-කළුතර නාගරික (වෙලගෙදර) හා පානදුර-ලන්කන් (පානදුර) තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්විණි.

මේ තරගවලදී ශතක තුනක් වාර්තා විය. එහිදී ගුවන් හමුදාවේ උදයවංශ පරාක්‍රම මෙවර තරගවාරයේ පළමු ශතකය වාර්තා කරමින් ලකුණු 155ක් රැස් කිරීම කැපී පෙනුණි. පන්දු 212කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිම හතරේ පහර 12කින් හා හයේ පහර 3කින් වර්ණවත් විය. එම කණ්ඩායමේ නායක දුල්ෂාන් උදයංග පළමු ඉනිමේදී ලකුණු 115ක් වාර්තා කළ අතර නාවික හමුදාවේ බුද්ධික හසරංගට ශතකය අහිමිවූයේ ලකුණු 7කිනි.

මේ සතියේ වාර්තා වූ අනෙක් ශතකය ලන්කන් ක්‍රීඩා සමාජයේ ලක්ෂින රොද්‍රිගෝ (103) පානදුර පිලට එරෙහිව රැස් කිරීමට සමත් විය.

පානදුර ක්‍රීඩා සමාජයේ සුරේෂ් පීරිස් කඩුලු 7ක් දවාගත් අතර ධනුෂ්ක බණ්ඩාර (පානදුර) හා ෂෙහාන් රංගික (ගුවන්) ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පොලිසිය-ගාල්ල

පොලිස් පළමු ඉනිම - 95 (ඕවර 28.3) (ගයාන් සිරිසෝම 29/5‍, ලසිත් ප්‍රනාන්දු 49/5) සහ දෙවැනි ඉනිම - 228 (ඕවර 69.3) නිමේස් විමුක්ති 65, තරිඳු ඩිල්ෂාන් 64 (ගයාන් සිරිසෝම 91/6)

ගාල්ල පළමු ඉනිම - 315 (ඕවර 107) හසිත ප්‍රනාන්දු 65, ලසිත් ප්‍රනාන්දු 64, දිමිත හුණුකුඹුර 53 (නිමේෂ් විමුක්ති 103/6) සහ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 11 (ඕවර 1.5)

ගුවන් හමුදාව-නාවික හමුදාව

ගුවන් හමුදා පළමු ඉනිම - 304 (ඕවර 83.5) දුල්ෂාන් උදයංග 115 (තරුෂාන් ඉඹුල්ගොඩ 39/4, සුදාරක දක්ෂින 68/3) සහ දෙවැනි ඉනිම - 326/6 (ඕවර 89.4) උදයවංශ පරාක්‍රම 155, ලියම් චාමිකර 59 (කුසල් එදිරිසූරිය 54/3)

නාවික හමුදා පළමු ඉනිම - 285 (ඕවර 75.3) බුද්ධික හසරංග 93, කුසල් එදිරිසූරිය 56 (ෂොහාන් රංගික 88/5, බුද්ධික සඳරුවන් 84/3) සහ දෙවැනි ඉනිම - 108/3 (ඕවර 18) (බුද්ධික සඳරුවන් 37/3)

පානදුර-ලන්කන්

පානදුර පළමු ඉනිම - 218 (ඕවර 60.1) කාෂිෆ් නවීඩ් 50 (නවීන් කවිකාර 80/4, දනුෂික මාලන් 42/3) සහ දෙවැනි ඉනිම - 334 (ඕවර 92.1) සකුරංග ෆොන්සේකා 75, ෂශ්‍රික පුස්ගොල්ල 67, සුරේස් පීරිස් 53 (චානක රුවන්සිරි 91/4, නවීන් කවිකාර 86/3)

ලන්කන් පළමු ඉනිම - 269 (ඕවර 53.4) ලක්ෂින රොද්‍රිගෝ 103 (සුරේෂ් පීරිස් 82/7, දනුෂික බණ්ඩාර 92/3) සහ දෙවැනි ඉනිම - 208/8 (ඕවර 63) (ධනුෂ්ක බණ්ඩාර 51/5)

කුරුණෑගල යූත්-කළුතර නාගරික

කුරුණෑගල යුත් පළමු ඉනිම - 405/9 (ඕවර 126) දමිත් පෙරේරා 88, රුවන්ත ඒකනායක 72, ප්‍රභාෂ් කැප්පෙටිපොල නොදැවී 59, ධනුෂ්ක ධර්මසිරි 52 සහ දෙවැනි ඉනිම - 200/4 (ඕවර 48) සරින්ඳ දිසානායක 68, මලිත් කුරේ නොදැවී 60, චරිත් මෙන්ඩිස් 58

කළුතර නාගරික පළමු ඉනිම - 305 (ඕවර 92.2) නිපුන කරුණාවංශ 92, ගීත් පෙරේරා 86 (කල්හාන් සිනෙත් 73/3) 

 

නව අදහස දක්වන්න