මැතිව්ස් යළි එක්දින නායකත්වයට | දිනමිණ

මැතිව්ස් යළි එක්දින නායකත්වයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට නම්කර තිබේ.

ඒ, මීට මාස 6කට ඉහතදී ඔහු එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුවයි. එළඹෙන බංගලාදේශ සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවතත් ඇන්ජලෝ මැතිව්ස්හට හිමිවේ.

නායකත්වය සඳහා මැතිව්ස් සමගින් දිනේෂ් චන්දිමාල්ගේ නම ද යෝජනා වී තිබූ අතර යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීමත් සමග නව නායක ලෙස මැතිව්ස් තෝරා ගැනුණි.

බංගලාදේශය, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලිය ජනවාරි 17 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඒ අනූව පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පිල සමග ශීර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතය.

මෙම සංචාරයේ දී බංගලාදේශ පිල සමග ශ්‍රීලංකාව ටෙස්ට් තරග 2කට සහ 20-20 තරග දෙකකට සහභාගී වේ.

නව අදහස දක්වන්න