උසස් පෙළ 7,489 කට විෂයයන් 3ට ම ‘ඒ’ සාමර්ථ්‍යය | දිනමිණ

උසස් පෙළ 7,489 කට විෂයයන් 3ට ම ‘ඒ’ සාමර්ථ්‍යය

සිතාරා සේනානි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2017 විභාගයේ නිකුත්වූ ප්‍රතිඵල අනුව එම විභාගයට පෙනී සිටි පාසල් අයදුම්කරුවන් 206 630ක් අතුරින් 7,489 දෙනෙක් තමන් පෙනී සිටි විෂයයන් 3ට ම 'ඒ' සමාර්ථ ලබා තිබේ. එය විභාගයට පෙනී සිටි සංඛ්‍යාවෙන් 3.62%කි.

ජීව විද්‍යා අංශයෙන් 458ක්, භෞතික විද්‍යා අංශයෙන් 555ක්, වාණිජ්‍ය අංශයෙන් 3085ක්, කලා අංශයෙන් 3365ක්, ඉංජිනේරු තාක්ෂණවේදය 8ක්, ජෛව පද්ධති තාක්ෂණවේදය 4ක් සහ වෙනත් විෂය ධාරාව යටතේ 14ක් මෙසේ තමන් පෙනී සිටි විෂයයන් 3ට ම ඒ සාමාර්ථ ලබා තිබේ.

එමෙන්ම මෙවර අපේක්ෂකයෝ 2178ක් සහ අපේක්ෂිකාවෝ 5311ක් විෂය 3ට ම ඒ සාමාර්ථ ලබා තිබේ.

එමෙන්ම මෙවර විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවම සුදුසුකම් සපුරා ඇති සිසුන් සංඛ්‍යාව 136 421කි. එහි ප්‍රතිශතය 66.02%කි. එමෙන්ම මෙවර පාසල් අයදුම්කරුවන් අතුරින් එමෙන්ම මෙවර විභාගය පෙනී සිටි පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් අතුරින් ශිෂ්‍යයන් 2379ක් සහ ශිෂ්‍යාවෝ 5888ක් විෂයයන් 3ට ම ඒ සාමාර්ථ ලබා තිබේ.

මෙවර විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටි පාසල් අයදුම්කරුවන් 33,289ක් අතුරින් 18, 546ක් එනම් 55.71%ක් ද, භෞතික විද්‍යා අංශයෙන් පෙනී සිටි සිසුන් 27539ක් අතුරින් 14 884ක් එනම් 54.05%ක් ද, වාණිජ අංශයෙන් පෙනී සිටි 51362ක් අතුරින් 36555ක් එනම් 71.17%ක් ද, කලා විෂය ධාරාවෙන් පෙනී සිටි 75808 අතුරින් 55958ක් එනම් 73.82%ක් ද, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ පෙනී සිටි 9422ක් අතුරින් 5440ක් එනම් 57.74%ක් ද, ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ පෙනී සිටි 6095ක් අතුරින් 3766ක් එනම් 61.79%ක් ද, වෙනත් විෂය ධාරාව යටතේ පෙනී සිටින සිසුන් 3115ක් අතුරින් 1272ක් එනම් 40.83%ක් ද විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ.

එමෙන්ම මෙවර විභාගයට පෙනී සිටි පාසල් සිසුන් අතුරින් 31977ක් විෂයය 2 බැගින් ද, 21 265ක් එක් විෂය බැගින් ද සමත්ව තිබේ.

මෙවර සියලු විෂයයන්ගෙන් අසමත් සංඛ්‍යාව 16967කි. එය විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 8.21%කි.

2017 වසරේ පෞද්ගලික අයදුම්කරුවන් ද ඇතුළත්ව 253 330ක් විභාගයට පෙනී සිට ඇති අතර, එයින් 163 104ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් සපුරා තිබේ. එය විභාගයට පෙනී සිටි සංඛ්‍යාවෙන් 64.38%කි. එමෙන්ම විෂයයන් 3ට ම ඒ සාමාර්ථ ලැබූ මුළු සංඛ්‍යාව 8267කි. එහි ප්‍රතිශතය විභාගයට පෙනී සිටි සංඛ්‍යාවෙන් 3.26%කි.

2016දී විභාගයට පෙනී සිටි මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 258 193ක් වූ අතර, එයින් 160, 520ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලැබූහ. එහි ප්‍රතිශතය 62.17%කි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2017 විභාගයේ නිකුත්වූ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඊයේ (9) නිකුත් කළ ප්‍රතිඵල විශ්ලේෂණය අනුව මෙම තොරතුරු අනාවරණය විය. 

නව අදහස දක්වන්න