පාර්ලිමේන්තුව 23දා දක්වා කල් තැබේ - UPDATE | දිනමිණ


 

පාර්ලිමේන්තුව 23දා දක්වා කල් තැබේ - UPDATE

අද (10) පැවැති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය තුළදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් මුලින්ම විනාඩි 10කට කල් තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.

පාර්ලිමේන්තුව අද සවස 6.30 තෙක් පැවැත්වීමට නියමිතව තිබුණත් පසුව එය අත්හිටුවා ලබන 23දා දක්වා කල් තැබීමට කටයුතු කළේය.

උණුසුම් වූ පාර්ලිමේන්තුව කල් තැබේ - UPDATE

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් සමග සභාව නොසන්සුන් විය.

අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට සූදානම් වූ අතර, ඊට විපක්ෂයේ එකඟත්වයක් පළ වූයේ නැහැ. 

කෙසේ වෙතත්, කථානායකවරයා ප්‍රකාශය සඳහා ඉඩ ලබාදීමත් සමඟ අග්‍රාමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ආරම්භ කළ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ඔසවමින් ඊට විරෝධය පළ කරනු ලැබුවා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සභාව මැදට පැමිණ ඊට ප්‍රතිචාර දක්වන අයුරුයි දක්නට ලැබුණු අතර වේත්‍රධාරීවරයා සෙංකෝලය ආසන්නයට පැමිණ ඊට ආරක්ෂාව ලබා දුන්නේය.

පසුව අඛණ්ඩව පැවති උණුසුම් තත්ත්වයත් සමඟ පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාව තාවකාලිකව කල් තැබීමටයි කථානායකවරයා තීරණය කරනු ලැබුවේ.

මේ හේතුවෙන් පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාව කල් තැබීමට මීට ටික වේලාවකට පෙර කථානායකවරයා තීරණය කළේ ය.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි - UPDATE

පාර්ලිමේන්තුව ජනවාරි 10 දින ( අද ) පෙ.ව. 10.30ට රැස්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 14 යටතේ කරන ලද ඉල්ලීමකට අනුව මෙම රැස්වීම සිදුවන බව  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා පවසයි.

නව අදහස දක්වන්න