ඇමරිකාව වෙව්ලද්දී ඕස්ට්‍රේලියාව ගිනිගනියි | දිනමිණ

ඇමරිකාව වෙව්ලද්දී ඕස්ට්‍රේලියාව ගිනිගනියි

අවම උෂ්ණත්වය සහ දැඩි හිමපතනය මැද නැගෙනහිර ඇමරිකානුවන් පීඩා විඳිමින් සිටියදී, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් අවුරුදු අසූවකට පසු වැඩිම උෂ්ණත්වයක් සටහන් වූ කාලපරිච්ඡේදයක දරාගත නොහැකි දැඩි උණුසුම් කාල ගුණයකින් බැට කමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඇමරිකානු කාලගුණ වාර්තාවලට අනුව ජනවාරි 06 වන දින නිව්යෝක් නගරයේ උෂ්ණත්වය -13C (8F) දක්වා පහත වැටී ඇතැයි සදහන්.

ඇමෙරිකාවේ මිනිසුන් පමණක් නොව අධික සීතලෙන් පීඩා විඳින වෙනත් ජීවීන්ද දැක ගත හැකි විය හැකි අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළ ඇතුළු අනෙකුත් ගුවන් තොටුපළවල දහස් ගණන් ගුවන් ගමන් ප්‍රමාද වී තිබේ.

ඇතැම් ඇමෙරිකානු ප්‍රදේශවල අඩියකට වඩා වැඩි හිම තට්ටු දැකිය හැකිය.

නැගෙනහිර කැනඩාවේ උෂ්ණත්වය -50C (-58F) දක්වා පහත වැටී ඇති බවට කාලගුණ වාර්තාවල සඳහන් වේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 40C කට අධික උෂ්ණත්වය හේතුවෙන් වීදි වැසියන්ට පානීය ජලය ලබා දීමට පුණ්‍යායතන රැසක් ඉදිරිපත් වී ඇත.

නව අදහස දක්වන්න