කැලිෆෝනියාවේ නායයෑමකින් 13ක් මරුට | දිනමිණ

කැලිෆෝනියාවේ නායයෑමකින් 13ක් මරුට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

අධික වර්ෂාව සමග ඇතිවූ ගංවතුර තත්ත්වය ඊට හේතුවී ඇත.

පුද්ගලයින් 163 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ගංවතුර සහ නායයාම් හේතුවෙන් සැන්ටා බාබරා ප්‍රදේශයේ පුද්ගලයින් 300 ක් පමණ සිරවී සිටි.

තවත් බොහෝ පිරිසක් අතුරුදන්වී ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව බලධාරීන් සදහන් කර ඇත.

ජලගැලීම් සමඟ දහස් ගණන් ජනතාව එම ප්‍රදේශ අතහැර පළායන බවට වාර්තා වේ. නායයාම් සමග ගලා ආ මඩ තට්ටුවලින් මහාමාර්ග වැසීයාම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ලවී ඇත.

නව අදහස දක්වන්න