කිරි විකුණාලයි කාසි සොයන්නේ | දිනමිණ

කිරි විකුණාලයි කාසි සොයන්නේ

දුරුත්තේ සීතල කොතරම් ද යත් මල් තුහින පතිත වන නුවරඑළියට මෙන්ම දිවා කල ගිනියමින් දැවෙන වන්නි හත්පත්තුව ප්‍රදේශයටත් දැනෙන හීගතුව එකවන්යැයි හැඟෙනුයේ ඒ සීතල දරා ගැනීමට අපහසු තරම් වන නිසායි. අවුව, වැස්ස, පින්න මේ හැමදේටම ඔරොත්තු දෙන මේ ගම් වැසියන්ගේ දිරිය මේ සීතලට පැරදිය නොහැකි තරම්ය.

කර්ණාතිලක පාන්දර 4.00 පමණ අවදිවුයේ දවසේ පුරුදු රාජකාරිය වන මී හරක් පට්ට්ය ලැග සිටින ගස්මංඩ්ය වෙතට පිටත් වීමටයි මෙලහකටත් කරුණාතිලක මාමාගේ ලොකු පුතා සුදත් සමන්ත හරක්පට්ට්ය වෙත පැමිණ ඇතුවාට සැක නැත.මී හරක් පත්ට්යෙන් කිරි ගැනීමේ රාජකාරිය සිදු කරන්නේ, තිලක් සුසන්තය .පාන්දර හතර වනව්ට ඔහු මේ හරකුන් ලැගුම් ගන්නා වනරොද වෙත පැම්ණෙන්නේ , තවත් සැතපුම් හතරකට වඩා දුරින් පිහිට් සිය බිරිඳගේ නිවසේ සිටයි. මෙසේ පාං කළුවරේම අම්බරැවන් වෙත පැම්ණ කිරිදොවන තම වැඩිමල් පුතුට සහාය වීමටයි කරැණාතිලක මමාද පාන්දරින්ම නිවසින් පිටත්‍ වූයේ .මේ ගමනේදී කරුණාතිලක මාමාගේ අතෙහි නිරතුරුවම රුඳෙනුයේ විසල් එළියකින් යුතු විදුලි පන්දමයි.කිරිදොවන තිලක් පුතුට බාල්දි ලංකර දෙම්න් විදුලි පන්දමින් එළීය ලබා දෙම්න් අසල සිට්න්නේ 65 ස් වියැති කරුණාතිලක මාමා යි.

මෙසේ පාන්දර හතරේ සිට දහවල් 10 , 10.30 ,පමණ වනතුරු කිරී දෙවීමේ කටයුතු සිදුකළ යුතුතේ කිරි දෙවිය වුතු මී දෙනුන් 85 ස් දෙනෙකු තරම් පිරිසක් ඔවුන්ගේ පට්ට්යෙහි දිවි ගෙවන නිසායි. මෙලෙස ලබා ගන්නා කිරි වලින් කොටසක් මී කරි නිෂ්පාදනය කිරීම සඳහා වෙන්කරගන්නා ඔවුන් ඉතිරිය සමාගම් වෙත අලෙවි කරයි.කිරි දොවන අතරේ අජිත් පැවසූ කරැණු වලට අනුව අනාවරනය වූයේ කරැණාතිලක මාමාගේ පවුල සතුව තවත් මී ගව පට්ට්යක් ඇති බවයි.ඔවුන් රැකබලා ගනුයේ ඒ පවුලේ වැඩිමල් පුතු අජිත් සුසන්තයි. ඒ ගිරිබාව ගමට එපිට්න් ඇති ඉහළ ගිරිබාව ප්‍රදේශයේයි.

කළුවර කෙමෙන් එළිය බවට හැරෙමින් තිබේ.මී ගවයින් සිට්නා තැනට යන තිලක් කිරිදෙවීමේ කටයුතුතේ නිමග්නවී සිටී. ඔහු අසලට මී දෙනෙක් කිට්ටු කිරීමට කරුණාතිලක මමා වෙහෙසෙන්සේ මීගව දෙනගේ පසුපසට සිහින් තට්ටුවක් දමම්න්. මී ගවයින් පෙනුම්න් තරමක් රුදුරු යැයි හැඟුනද හීලෑවී සිටින මේ සතුන් තම ස්වාම්යාට ලෙන්ගතු යැයි හැඟෙන්නේ දක්වන කීකරු බව නිසාමයි .

"දැන් කාලාන්තරයක් තිස්සේ මේ සත්තු ජීවත් වෙන්නේ අපේ පවුලේ අය වගේ , අද ක ඊයෙක නෙමෙයි අපේ අත්තා මුත්තා කාලේ ඉඳලම මේ සත්තු ඇතිකරලා අපිට හොඳ පුරුද්දක් තියෙනවා.ඒ කාලේ හැම ගෙදරකටම වාගේ අම්බරුවන් හත් අට දෙනෙක් හිට්යා.

කුඹුරු හාන්න , කොළ පාගන්න , කිරි ගන්න , මී කිරි ට්කක් හදාගන්න,දුන්තෙල් හදාගන්න මේ ආකාරයෙන් ප්‍රයෝජන කන්දරාවක් තිබුණා.

ඉස්සර මී ගව පට්ට්යක් ඉන්නා විට ආයේ වෙන මුකුත් ඕන නෑ හාන කාලෙට දිගටම වැඩ, ඒ වැඩට ලැබෙන වී වලට කියන්නේ විය කුලිය කියලයි. බුසල් දෙකක් වැපිරුවොත් විය කුලියත්‍ බුසල් දෙකක් ලැබෙනවා.කොළ පෑගිල්ලට නම් කවදාවත් කුලියක් අය කලේ නෑ මී හරක් ලගින්නේ කුඹුරු ලඟ මයි. ඔය කාගේ හරි නාම්බෙක් දෙන්නෙක් බැඳගෙන කොළ පාගනවා.එහෙම දවසට අම්බරුවන්ට හරි ඉහළින් සලකනවා . ඒ කට හරක් අයිති කාරයත් සතුටුයි. අම්‍බරුවොත් සතුටුයි. ඒ කාලේ කමතට අම්බරුවන් ඇතුල් කරලා ගොයම් කොලේ පාගන්න පටන් ගන්නේත් අම්බරුවන්ට පිංපෙත් දීලයි.

ඒ උදේ පාන්දර උනත් කමතේ කියන ජනකවියක් රස විඳින්නට ඇත්නම් මොනතරම් අගයක්ද?අහස දෙසට නෙත් යොමා ගත් කරුණාතිලක මමා ඕසය අල්ලන්නට පටන් ගත්තේය..

ඕ..ඕ..ඕ..ඕ..

කොළ උඩ අම්මා කොළ උඩ..

අම්බරුවෝ..ඕ..ඕ..ඕ..

යං ම්තුරෝ...

කොළ උඩ අම්මා කොළ උඩ ඕහේ..

තිසරණ සරණයි නුඹලා මගේ වහු දරුවෝ..

බුදුන් දැක නිවන් දැක පන්

කිරිබුදු අප්පච්යෝ...

ඕ..ඕ..ඕ...හෝ

ඕයි රයිරේ ඔයි රාමා

කොළ මැඩපන් ඔයි රාමෝ..

බුද්ධං සරණේද බලේ

ධම්මං සරණේද බලේ

සංඝං සරණේද බලේ

මේතුං සරණේද බලේ

සිත බොහෝ ඈතට දිවෙයි.‍ගොවම් කොළය වඩා පුංචි කෝටුවක් රැගෙන මී ගවයින් පසුපස දුවන , විටක වැටෙමින් නැඟිටින, ගොයම් ගෑවි ඇඟ කසන කිලිටි කෙල්ලක මතකයට නැඟෙයි. වෙනසකට ඇත්තේ එක දෙවකි . කඳු කරයේ නම් සීසාන විට , කොළ පාගනවිට නඟන ඕසට හාත්පට කඳුවල වැදී රැවි පිළිරැවි දෙයි. මෙහි එවැන්නක් නැත.ඇත්තේ එක යායට ඇති හාත්පස පෙනෙන්නේ එක යයට විහිදෙන කුඔුරු යයයි.

කිරි දෙවීමෙන් අනතුරුව අම්බරුවන් නිදහස් කරනුයේ කුස පුරවා ගැනීම සඳහායි. වැස්ස අඩු වුවද මේ දිනවල කරුනාතිලක පවුලේ මී ගප පට්ට්යට කෑම හිඟයක් නැත්තේ වගා නොකල කුඹුරු යයා නිසායි. කන්න හතරක් පමණ වගා නොකල අක්කර සිය ගණනක කුඹුරු යය මේ දිනවල මී ගවයින්ගේ කුසපුරවන තෝතැන්නක් බවට පත්වී තිබේ.

කරුණාතිලක මාමාටත් බබී නෝනා නැන්දාටත් විවාහවූ පුතුන් තිදෙනෙකු මෙන්ම දීග ගිය දූරු දෙදෙනෙකි.මේ අතරින් වැඩ්මල් පුතුන් ජීවත් වන්නේ මී ගවපට්ට්‍ වලින් ලබා ගන්නා කිරි අලෙවි කිරීමෙනි . ඔහුගේ බාල පුතු සුදත් සමන්ත ගේ දරු පවුල මෙන්ම කරුණාතිලක හා ඔහුලේ බිරිය මෙන්ම වැඩ්මහප් දියනිය ජීවත් වන්නේ මුදවන ලද මී කිරි කර්මාන්තයෙනි.

මුල් කාලයේ නිවසේ කෑමට , නෑගමන් යෑමට ආදී වශයෙන් කරගෙන ගිය දී කිරි සැකසීම ,පසුව කුඩා කර්මාන්තයක් බවට පත් කරගත් කරුණාතිලක මාමා දිනකට කිරි මුට්ට් 10ක්, 20ක් පමණ සකස් කරගෙන තම පාපැදියෙහි තබා ගෙන ගොස් ගමේ මෙන්ම අවට ගම් වලට ගෙනගොස් අලෙව් කරම්න් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගිය කාලයක් තිබිණි. මේ අතර කොළඹ පෞද්ගලික ආයතනයක සේවයේ නිරතවී සිට් බාල පුතු සුදත් ගමට පැම්ණියේ පියාගේ කර්මාන්තය දියුණු කිරීමේ අදිටනින් යුතුවය.

වෙලගෙදර මී කිරි නම්න් ගල්ගමුම ,ගිරිබාව ,රාජාංගනය ,තඹුත්තේගම ආදී ප්‍රදේශ වල සුපතල නැවුම් රසැති මී කිරි කර්මාන්තයේ ඇරැඹුම හා පසුබිම එපරිදිය.

Òකො‍ළඹ ගිහින් රැකියා කිරීමේන් මාසෙකට රුපියල් හතලිස් දහසක් පමණ උපයන්නේ පැය 12 කට වැඩි කාලයක් සේවය කිරීමෙන් .ඒ මුදලින් කොටසක් බෝඩ්මටත් , කෑමටත්‍, මඟ වියදමටත් වියදම් වූපසු ඉතිරිවෙන සොච්චම එදිනෙදා පිරිමහ ගැනීමට ඇති, මේ නිසා මම හිතුවා තාත්තාගේ කුඩා මී කිරි වෙළෙඳාම දියුණු කරගැනීම හොඳ ආයෝජනයක් බව, මොකද අපිට හොඳ රසයත් කිරි නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තිබෙන නිසා.

ඒ අනුව සෞක්‍ය ආරක්ෂිතව කිරි ම්දවීමේ කටයුතු කිරීමට සුදුසු පහසු කම් සැකස් කිරිම සිදු කළේ ප්‍රදේශයේ සෞක්‍ය පරීක්ෂක මහතාගේ උපදෙස් පරිදියි.නිසි පිළිවෙලට ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි අංක ආදිය ලබා ගැනීමෙන් අනතුරුව ව්‍යාපාරයක් ලෙස විදිමත්ම කිරීම ආරම්භ කළා ඒ අනුව එතෙක් දිනකට අලෙවිකළ කිරි මුට්ට් 20-25 ප්‍රමාණය , තුන් ගුණයක් බවට පත් කළා .

වෙළගෙදර කියන නම මී කිරි වලට තැබුවේ මගේම අදහසක් හැට්යටයි. ප්‍රදේශයේ කවුරුත් අපේ ගෙදර හඳුන්වන්නේ වෙළේ ගෙදර කියලයි. ඒ කට හේතුව වැස්ස කාලෙට තාත්තා ගේ වටේම මඩ කරලා වී ඉහිනවා. පැළ කාලේ වගේම පූදින කාලෙටත් හරින ලස්සනයි. හතර‍වටේම කුඹුර මැද ගෙදර.

කිරි විකිනීම විදිමත්ව කරගෙන යාමට උවමනා නිසාම මම ‍ඩ්මෝ බට්ටා ලොරියක් ලීසින් පදනමට මිලදී ගත්තා.දැන් දිනකට හට්ට් 70ක් 80ක් පමණ අලෙවි කරන්නේ මේ ලොරිය තිබෙන නිසායි.Ó

දීකිරි ..දීකිරි ..ගෙනාව දී කිරි....විකුණන තේමා වාදනය ඈතින් ඇසෙන විට ගම්මු නිවෙස් තුළ‍ට යන්නේ මුදල් රැගෙන පැම්ණිම සඳහායි.

ස්වභාවික රසයෙන් යුත් නැවුම් මී කිරි කෑමට සැබවින්ම අකැමැති කවුරුන්ද? එහෙත් සුදත් නම් පවසන්නේ මේ දිනවල කිරි වෙළෙඳාම එතරම් සරු නොවන බවයි.වෙනදා කිලෝමීටර 10 -12 යන විට කිරි හට්ට් ට්ක විකිණිලා ඉවරයි. ඒත් දැන් මේ පළාත් වලට වැස්ස හිඟකම නිසා කන්න හතරක් ම කුඹුරු පාළුවට ගියා. කිරි කනවා තියා මිනිස්සු වේල පිරිමහ ගන්නෙත් අමාරුවෙන් . වෙනදට පැයෙන් දෙකෙන් වෙළෙඳාම ඉවරයි . දැන් පැය හතරක් පහක් කිලෝමීටර් 100 පමණ දුරක් යාමට සිදුවෙනවා .ඒ නිසා ලාභය අඩුයි.Ó

Ò සුදත් පවසන්නේ ඔවුන්ට ඇති විශාලතම ගැටළුව , නිෂ්චිත වෙළෙඳපොළක් නොමැති කම බවයි. අනෙකුත් නිෂ්පාදන සමඟ සැසැඳීමේදී අපේ නිෂ්පාදන ගුණාත්මක අතික් ඉතාමත් ඉහළයි. රස කාරක , වෙනත් කල්තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය කිසිවක් අපි භාවිතා කරන්නේ නෑ ,වෙන එකක් තබා මී ගවයින් මඩේ ලගින වැහි කාලේ මාස හතරක් පමණ අපි මේ නිෂ්පාදනය නතර කරනවා. ඒකට හේතුව ම‍ඩේ ලගින ගවයින්ගෙන් කිරි ගැනීමට තිබෙන අපහසු කමයි.මේ කාලෙට මේ සත්තු ‍මඩේ ලගින එක නවත්වන්න කොහොමත් බෑ , ඒ නිසාම කිරි භාජන වලට මඩවැටෙන්නට තිබෙන ඉඩ වැඩීයි , හැම තැනකම ගොවියෝ වගාවන් ආරම්භ කරන නිසා ගවයින් කෑම හිඟයි.අපි ඒ කාලෙට සත්තු ට්ක ත‍බිබෝව, කුකුල් පනේ,රාජාංගනය, පන්සල් වත්ත , වැනි ප්‍රදේශවලට දක්කන එකÓ

කරැණාතියක මාමා නම් කියන්නේ

මී ගවයින් කැලේට රැගෙන ගියද ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ වෙහෙසිය යුතු බවයි. ඉස්සරනම් ඔය සත්තු මරාගෙන කෑවේ නෑ නමුත් මේ ජනපද ආවයින් පස්සෙන් පහු වන්නිහත්පත්තුවේම ජීවන රටාව වෙනස් වෙලා. හරක් හොරු විතරක් නෙවෙයි වවිධ අපචාර පැතිරිලා ඒ නිසාම මේ රස්සාව දැන් හරිම දුෂ්කරයි. කිරි නොගන්න මාස හතරටත් එක්කයි අපි‍ට හමිබ කරන්න වෙලා තියන්නේ,ඒ ‍කොහොම උනත් අපිට හොඳ වෙළෙඳපොළක් තිබුණනම් මේ නිෂ්පාදනය දෙගුණයක් කිරීම ඉතාමත් පහසුයි.කිරි උනු කිරීම හට්ට් වලට දමා ආවරණය කිරීම වැනි කටයුතු සිදුකරන්නේ කරුනාතිලක මමාගේ බිරිඳ සහ දියණිය රංජනී මල්කාන්තියි. සේවකයෙකු නොගෙනම මේ නිෂ්පාදනය දෙගුණ කිරීමේ හැකියාව ඔවුන් සතුයි. එසේම ගල්ගමුවට පැමිණ කෝච්චිය මඟින් කිරි හට්ට් කොළඹට වුව එවීමේ පහසුකම්ද ඔවුන් සතුයි.

සැබවින්ම අවැසිව ඇත්තේ විස්වාසවන්ත ගැනුම් කරුවෙකු ඔවුන් හා සම්බන්ඳවීමයි. විවිධ රසායනික ද්‍රව්‍ය,පිටිකිරි ,ආදියෙන් සැකසූ කිරි හා සැසඳීමේදී වෙළගෙදර මී කිරි පිරිසිදු කිරි වලින් නිෂ්පාදිත සැබෑම නැවුම් කිරි රසයෙන් අනූන බව නම් කිවයුතුමය.

බුද්ධිකා බ්‍රාහ්ම­ණගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...