කිරි ගොවි­පො­ළෙන් ජීවි­තය ජය­ගත් අපේ කාලයේ ව්‍යව­සා­යි­කාව අනූෂා | දිනමිණ

කිරි ගොවි­පො­ළෙන් ජීවි­තය ජය­ගත් අපේ කාලයේ ව්‍යව­සා­යි­කාව අනූෂා

මෙවන් දේශීය කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට දශක දෙකක් පුරා අත්වැලක් වූයේ ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමයි.

ජීවය නිර්මාණය කරමින් අනාගත ලෝකය ගොඩනඟන්නේ ගැහැනිය නමින් විරුදාවලිය ලත් ඇයයි. නිවසට සතුට, සෞභාග්‍යය, වාසනාව හා ධනය රැගෙන එන ශ්‍රියා කාන්තාව වන්නේ ද ඇයමය. තමන් සතු ධෛර්යෙන් ශක්තියෙන් සහ නොපසුබස්නා උත්සාහයෙන් ඇයට ලෝකයක් දිනිය හැකිය.

අතීතයේ දී බොහෝ කාන්තාවන් මේ හැකියාවන් උපයෝගී කරගනු ලැබුවේ සාම්ප්‍රදායික මවගේ සහ ගෘහණියගේ භූමිකාව තුළ තමන්ට හමු වූ අභියෝගයන්ට මුහුණදීම සඳහාය. තමන්ගේ ශක්‍යතාවයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ක්‍රියාකරන වර්තමාන කාන්තාව එම සාම්ප්‍රදායික භූමිකාවන් තුළ ක්‍රියාත්මක වන අතරම ලෝකය ජය ගන්නට නව මංපෙත් සොයමින් සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට අතීතයේ පුරුෂ පාර්ශ්වයට පමණක් සීමා වූ ක්ෂේත්‍රයන් පවා අතික්‍රමණය කරන්නට ඇය සමත්ව තිබේ.

ග්‍රාමීය කාන්තාව පවා මේ නව වෙනස අත්විදිමින් සිටී. මවක් ගෘහණියක් ලෙස ක්‍රියාත්මක වන අතරම කාන්තා ව්‍යවසායිකාවන් බවට පත්වෙමින් තම ස්වාමි පුරුෂයාට මෙන්ම පවුලට ද අත්වැලක් වෙමින් ස්වාධීන කාන්තාවන් ලෙසින් සමාජයේ ඉදිරියට ඒමට ඔවුන් සූදානම්ය. ධෛර්යය, ශක්තිය තිබූ පමණින්ම එම සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීම අපහසුය. එයට නිවැරැදි මඟ පෙන්වීමක් මෙන්ම සහායක් ද අවශ්‍ය වේ. එය රාජ්‍ය අංශයට පමණක් තනිව කළ හැකි කාර්යයක් නොවේ. පෞද්ගලික අංශයේ සාධනීය ආයතන ද ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

ශ්‍රී ලාංකීය කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමට නිබඳව සහාය ලබාදෙන ආයතනයක් ලෙස ඇන්කර් වෙළෙඳ නාමය හිමි ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගමට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. තමන් උපන් බිමට බරක් නොවී නැඟී සිටීමට වෙරදරන මෙරට කිරි ගොවීන්ගේ නැවුම් කිරි අස්වැන්න වසර විස්සකට අධික කාලයක සිට මිල දී ගනිමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම ඔවුනට ලබාදෙන සහාය අති ප්‍රශංසනීය වේ. එම දිරියෙන් තම හැකියාවන් ඔප් නංවාගෙන වසරක් ඇතුළත කිරි ගොවියෙක් ලෙස සාර්ථකත්වයට පත් වූ අපේ කාලයේ එක් කාන්තා ව්‍යවසායිකාවක් ලෙස දොළුව ප්‍රදේශයේ පදිංවි අනූෂා රත්නායක මහත්මිය හඳුන්වාදිය හැකිය.

ආදරණීය බිරිඳක් මවක් වන අනූෂා තමන්ගේ ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව මෙසේ අදහස් ප්‍රකාශ කළාය.

‘මගේ ස්වාමියා රැකියාව කරන්නේ කොළඹට අනුයුක්තව යුද හමුදාවේයි. මට වයස අවුරුදු නවයක සහ දෙකක පුතුන් දෙදෙනෙක් සිටිනවා. විවාහයෙන් පසුව නිවසේ සිටින විට එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට යම්කිසි ව්‍යපාරයක නිරතවීමේ අවශ්‍යතාවය මට ඇති වුණා. ඒ අනුව කිරි ගොවිපොළක් ආරම්භ කරනු ලැබුවා. ඉතා කුtඩාවට ආරම්භ කරනු ලැබූ එය පසුව විශාල ගොවිපොළක් බවට පත් කිරීමට මට හැකි වුණා. එයට සමගාමීව නාවලපිටිය ප්‍රදේශයේ දියර කිරි එකතු කර අලෙවි කිරීම ද සිදුකළා.’

නමුත් දෙවන වරටත් මවක් වූ පසු සියල්ල කළමනාකරණය කර ගැනීම අපහසුවීම නිසා තම ව්‍යාපාරයට තාවකාලික නැවතීමක් තබන්නට අනූෂාට සිදු වුණා. දෙවන දරුවා කෙමෙන් කෙමෙන් වර්ධනය වෙත්දී විරාමයක් තැබූ ව්‍යපාරය නැවත ආරම්භ කරන්නට ඇයට සිතක් පහල විනි.

‘කිරි ගොවිපොළ නැවත ආරම්භ කිරීමට පෙර ෆොන්ටෙරා ආයතනයේ ප්‍රාදේශීය කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සිටින ෆොන්ටෙරා සැපයුම් සම්බන්ධතා නිලධාරීවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. ඔහු විසින් කිරි එළදෙනුන්ගේ පෝෂණ තත්ත්වය දෛනිකව ගුණාත්මක ලෙස පවත්වාගෙන යන ආකාරය මෙන්ම ගැටගසා තැබීම වෙනුවට ක්ෂේත්‍රයේ නිදහසේ හැසිරීමට ඉඩ ලබාදීමේ වැදගත්කම පිළිබඳවත් මා දැනුවත් කළා. තව ද මගේ කිරිවල ප්‍රමිතිය නිසි ආකාරයෙන් ආරක්ෂා වන

අකාරයට නිවැරැදිව කිරි දොවන ආකාරය පිළිබඳවත් උපදෙස් ලබාදුන්නා. මගේ කිරි නිෂ්පාදනයන්ට ඉහළ මිලක් ලබා ගැනීමට එය විශාල සහයක් වුණා.’

 

නව අදහස දක්වන්න