edotco සමා­ගමෙන් ස්මාර්ට් විදුලි පහන් කණු ක්‍රම­යක් | දිනමිණ

edotco සමා­ගමෙන් ස්මාර්ට් විදුලි පහන් කණු ක්‍රම­යක්

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ හා බලශක්ති ක්ෂේත්‍රවල පිබිදීමට දායකවෙමින් විදුලි සංදේශ යටිතල පහසුකම් සම්බන්ධ ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන edotco Group Sdn Bhd (edotco) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විශේෂ විදුලි පහන් කණු Smart Lamp Pole) ක්‍රමයක් කොළඹ Marine Drive මාර්ගයේ ස්ථාපිත කිරීමට පසුගිය දා කටයුතු කළේය. මේ අවස්ථාවට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් වසන්ත දේශප්‍රිය, මැලේසියානු ජාත්‍යන්තර වෙළෙඳාම් හා කර්මාන්ත අමාත්‍යංශයේ නියෝජ්‍ය මහ ලේකම් Yang Berbahagia Datuk Isham Ishak යන මහත්වරු එක් වූහ.

Marine Drive මාර්ගයේ මේ විදුලි පහන් කණු සවි කිරීමේ ප්‍රථම අදියරත් සමඟ එම ප්‍රදේශයේ බලශක්තිය පිරිමසින විශේෂ දුරකථන සන්නිවේදන විසඳුම් ව්‍යාපෘතියක් ආරම්භ වේ. සාම්ප්‍රදායික දුරකථන සන්නිවේදන සේවා යටිතල පහසුකම් මෙන් නොව edotco හා Smart City සංකල්පය අරමුණු කිහිපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිත කරයි. නාගරික සංවර්ධනයේ දී අලංකාරය ද ඉතාමත් වැදගත් වන බැවින් මේ නව කුලු‍නු නගර සංවර්ධන කටයුතුවලට මැනවින් ගැළපෙන ආකාරයට ආකර්ෂණීයව සහ පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇත. එමෙන්ම මේ කුලු‍නු වෙළෙඳ දැන්වීම් හා පාරිසරික තොරතුරු දැක්වෙන පුවරු, නවීන ආලෝකකරණ පද්ධති, රථවාහන ගාල් කිරීම නිරීක්ෂණය කිරීමේ පද්ධති සහ ගංවතුර නිරීක්ෂණය කිරීමේ පද්ධති යනාදිය ඇතුළත් ඒකාබද්ධ පද්ධතියක් ලෙස ද ක්‍රියා කිරීම විශේෂත්වයකි.

‘Smart Lamp Pole යනු බලශක්තිය පිරිමසින දුරකථන සන්නිවේදන සේවා යටිතල ව්‍යුහ ක්‍රමයක් වන අතර, එමගින් රට පුරා නගරවලට සහ එහි වැසියන්ට වාසි රැසක් අත්වනු ඇත. 

නව අදහස දක්වන්න