තුම්මෝදර මත්පැන් ස්කාගාරයක් වටලයි | දිනමිණ

තුම්මෝදර මත්පැන් ස්කාගාරයක් වටලයි

මිහිර විජේසේකර

මාරවිල පොලිස් වසමට අයත් තුම්මෝදර ප්‍රදේශයේ තුම්මෝදර ඇළ ආශ්‍රිතව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වැටලීමට මාරවිල පොලිසි‍ෙය් විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත්වේ.

පසුගියදා සවස මෙම වැටලීම සිදුකර තිබේ. ගෝඩා බැරල් 10ක්, දඟර 2ක්, කසිප්පු නිෂ්පාදනය සඳහා උපයෝගි කරගන්නා උපකරණ රැසක් හා ස්කාගාරය පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කාලයක සිට පවත්වාගෙන ගිය මෙම ස්කාගාරය විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විචිත්‍ර දිසානායක මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ අතර තුම්මෝදර ඇළ හරහා මහත් පරිශ්‍රමයක් යොදා පීනාගොස් ගෝඩා බැරල් හා උප‍කරණ මෙගොඩට රැගෙන විත් තිබේ.

සැකකරුවන් දෙදෙනා තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි අය වෙති.

මාරවිල පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ආර්. ජයරත්න මහතාගේ උපදෙස් මත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උ. පො. ප. විචිත්‍ර දිසානායක, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උ. පො. ප. ගයාන් පුෂ්පකුමාර, පො. සැ. 23358 අනුර, පො. සැ. 57615 නිමල්, පොලිස් කොස්තාපල්වරුන් වන 4827 සුජිත්, 6695 ගයාන් යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ. 

නව අදහස දක්වන්න