කඹුරුපිටියේ වෙලාව එක තැන | දිනමිණ

කඹුරුපිටියේ වෙලාව එක තැන

1991 වසරේ කඹුරුපිටිය ගම් උදාව වෙනුවෙන් ඉදි කරන ලද, කඹුරුපිටිය නගරයේ ,විටියලට හැරෙන මංසන්ධියේ ඉදි කරන ලද හෝරා ස්ථම්භය කලක සිට අක්‍රීයව පවතී.

ප්‍රධාන වාණිජ නගරයක් වූ කඹුරුපිටිය නගරයට එන දහස් සංඛ්‍යාත ජනතාවකට මෙම ඔරලෝසු කනුවෙන් නිවැරදිව වේලාව දැනගැනීමට තිබුණ පහසුකම මේ නිසා මග හැරී ගොස් , ජනතාව පීඩාවට පත්ව සිටිති.

මෙම ඔරලෝසු කනුවේ හෝරා යන්ත්‍ර හතරම අලුත් වැඩියා කර ජනතාවට වේලාව දැක්වීමට කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට අවශ්‍යතාවක් නැති බව පළාත් වාසීහු පවසති.

මේ ගැන අදහස් දැක්වූ අයෙකු කීවේ‘‘පොදු දේපළ විනාශ වන්නට ඉඩ සැලසීම ගැන ප්‍රාදේශීය සභාවේ පාලන නිලධාරීට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ඇති හැකියාව ගැන සොයා බැලිය යුතු බවය.

පියසේන මද්දුමගේ ගොමිල මාවරල

නව අදහස දක්වන්න