නෙළුගොල්ල කඳුකර පාරේ මර උගුලක් | දිනමිණ

නෙළුගොල්ල කඳුකර පාරේ මර උගුලක්

අවිස්සාවේල්ල-රත්නපුර මහා මාර්ගයේ පුස්සැල්ල ග්‍රාම සංවර්ධන මධ්‍යස්ථානය අසල සිට නෙළුගොල්ල ජනපදය දක්වා දිවෙන කඳුකර මාර්ගය ඉකුත් මහ වැසි සමයේ දී නාය යාමකට ලක්වී බරවාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල වී මේ එන විට එම ස්ථානයේ වංගුවක මාර්ගය ඉරිතලා 'මර උගුලක්' බවට පත්වී ඇත. අදාළ බලධරයන්ගේ අවධානය මෙතෙක් ඊට යොමු නොවීම මවිතයට කරුණකැයි ගම්වාසීහු පවසති. කඳු බෑවුමේ වංගුවේ ප්‍රපාතයකට යාබදව පාර ඉරිතලා ඇති අතර කොයි මොහොතක හෝ වාහනයක් ද සමඟ පාරේ පළුවක් ගැලවී මහ විනාශයක් සිදුවීමට ඉඩ ඇති බැවින් එය වහා පිළිසකරයට පියවර ගත යුතු බව ජනතාව පෙන්වා දෙති.

ඇහැලියගොඩ විශේෂ, නිමල් විජයතුංග 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...