මත්පැන් අලෙවි සැල් වේලාව සංශෝධනය කෙරේ | දිනමිණ

මත්පැන් අලෙවි සැල් වේලාව සංශෝධනය කෙරේ

සියලු මත්පැන් අලෙවි කරන ස්ථාන විවෘත කර තබන වේලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති බව ද සදහන්.

ඒ අනුව මත්පැන් සිල්ලරට විකිණීමේ ස්ථාන හෙවත් රට බීම හල් පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබිය යුතු ය.

විදේශ මත්පැන් තැබෑරුම් පෙරවරු 11.00ට විවෘත කළ යුතු අතර රාත්‍රී 10.00ට වසා දැමිය යුතු වේ.

සංචාරක මණ්ඩල අනුමැතිය සහිත සහ රහිත අනෙකුත් මත්පැන් අලෙවි සල් විවෘතව තැබෙන වේලාවන් මෙම ගැසට් නිවේදනයෙන් සංශෝධන කර ඇති අතර එම ස්ථාන ද පෙරවරු 11.00ට විවෘත කර රාත්‍රී 10.00ට වසා දැමිය යුතු ය.

හෝටල් බලපත්‍ර, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හා හෝටල් පීඨිකා බලපත්‍ර සංචාරක මණ්ඩල අනුමැතිය සහිත ස්ථාන දෙකේ බලපත්‍රකරුගේ ඉල්ලීම මත අලුයම 02.00 දක්වා වේලාව දීර්ඝ කර ගැනීමට හැකියාව පවතී.

මුදල් අමාත්‍යංශය අද නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව රා තැබෑරුම් පෙරවරු 11.00ට විවෘත කර රාත්‍රී 09.00 ට වසා දැමිය යුතු ය.

නව අදහස දක්වන්න