මන්ත්‍රී අශෝක රන්වලට ඇප | දිනමිණ

මන්ත්‍රී අශෝක රන්වලට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල ඇප මත මුදා හැර තිබේ.

ඔහුගේ නීතිඥයින් ඇප ඉල්ලා මහර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙලෙස ඇප ලබාදුන් බවයි පොලීසිය සඳහන් කළේ. 

පසුගිය සිකුරාදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවෙකු ඇප මත මුදා හරින ලෙස සපුගස්කන්ද වැඩබලන ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවයි.

 


නව අදහස දක්වන්න