Friday, ජනවාරි 12, 2018 - 22:14
තමන් ජනාධිපති පදවියට පත්වූයේ "පුටුවේ වැජඹෙන්න නොවන," බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද පැවසීය.
ඔහු සදහන් කලේ "අද වුනත් මේ තනතුරෙන් යන්න මම ලැස්තියි," බවයි.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ සිය ධුර කාලය අවසන් වන්නේ 2020දී ද, නොඑසේනම් 2021දී දැයි මතය පැහැදිළි කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව හම්බන්තොට පැවති දේශපාලන ප්රචාරක රැස්වීමකදී කරුණු පැහැදිලි කරමිනි.
"මේකට සමහර අය කලබල වෙලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳල, මහේස්ත්‍රාත් අධිකරණය දක්වා විනිශ්චයකාර තුමන්ලා දෙන ඕනෑම තීන්දුවක් අපි ඉතාම ගෞරවයෙන් භාරගන්නවා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
අදහස් 1ක් ඇත
janadipatha
පිටු
නව අදහස දක්වන්න