පකිස්තානය කැළඹූ දැරියකගේ ඝාතනය | දිනමිණ

පකිස්තානය කැළඹූ දැරියකගේ ඝාතනය

දරුවන් ඝාතනය කිරීමේ "අපරාධ රැල්ලක්" මුල්කර ගනිමින් පාකිස්තානයේ කසුර් නගරයේ හටගත් කැරලි කෝලාහලවල දී උද්ඝෝෂණකයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

දූෂණය කොට ගෙල මිරිකා මරා දමා තිබූ අට හැවිරිදි සෙනබ් දැරියගේ මළසිරුර අඟහරුවාදා (ජනවාරි 09) දින කසළ බැහැර කරන ස්ථානයක තිබී හමුවිය.

ඒ වන විට ඇය අතුරුදහන් වී දින කිහිපයක් ගත වී තිබූ අතර පැහැර ගැනීම්, ලිංගික අතවර සහ ඝාතන සම්බන්ධයෙන් බලධාරීන්ගේ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොමැති බව කුපිත වූ පිරිස් පවසති.

කසුර් (Kasur) පොලීසිය පවසන පරිදි පසුගිය දෙවසර ඇතුළත මේ හා සමාන ඝාතන 12ක් සිදු වී තිබේ.

නව අදහස දක්වන්න