පොල් ගෙඩියට තැනක් හදමු | දිනමිණ

පොල් ගෙඩියට තැනක් හදමු

ශ්‍රී ලංකාව යනු ස්වයංපෝෂිත රටකි. ඒ අතීතයේදී ය. නමුත් වර්තමානයේදී ශ්‍රී ලංකාව යනු පරපෝෂිත රටකි. එසේ වීමට ප්‍රධාන කරුණ නම් අපේ රටේ ආර්ථිකය යම්තාක් දුරට පසුබෑමකට ලක්ව තිබීමයි.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟන ප්‍රධාන ආර්ථික අපනයන භෝග ලෙස තේ, රබර් සහ ‍පොල් හඳුන්වා දිය හැකි ය. එම භෝග ත්‍රිත්වයෙන් අද වන විටත් තේ සහ පොල් යන භෝග ද්විත්වය පිළිබඳ සමාජ කතිකාවතක් ද ගොඩනැඟී හමාරය. එසේ වන්නට හේතු සාධක වී ඇත්තේ වර්තමානයේදී තේ වගාවටත්, පොල් වගාවටත් නොසිතූ අයුරින් පහර එල්ල වී තිබීමයි.

අද වන විට ලංකාවේ පොල් ගෙඩියක මිල ඇසූ කල ඕනෑම අයෙකුගේ දෑස් නළලෙහි තිබීම පුදුමයට කරුණක් නොවේ. මන්ද මෙතෙක් ලාංකීය ඉතිහාසයේ සිදු නොවූ අයුරින් පොල් ගෙඩියක මිල රු.100 දක්වා ඉහළ ගොස් ඇත. ලංකාවේ ආර්ථිකය කෙතරම් පහළට කඩා වැටී ඇත් ද යත් අද වන විට පොල් විදේශ රටවලින් අපනයනය කිරීමට පවා සිදුව පවතී.

මෙය ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත්ව තිබේ.

පොල් වගාව මෙසේ රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කරද්දී, තේ නිෂ්පාදනය ද මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රබල ‍ලෙස බලපෑම් එල්ල කරමින් පවතින බව අප හොඳින් දන්නා කරුණකි. තේ නිෂ්පාදනය යනු රටේ ආර්ථිකයේ ප්‍රධාන අංකුරයකි. එය මෙසේ බිඳ වැටීම අප කාගේත් අවධානයට යොමු කළ යුතු කරුණකි.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ ප්‍රධාන ගැනුම්කරු වන රුසියාව මෑතකදී තේ ඇසුරුමක කැප්රා නම් කෘමියාගේ සජීවී කීටයන් සිටි බව පවසමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය තාවකාලික ලෙස තහනමකට ලක් කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රබල පහර ගැසීමකි. වර්තමාන ලංකාවේ පැන නැඟී ඇති ප්‍රබල සමාජ ගැටලුව වන්නේ

තේ මිල පහළ බැසීමත්, පොල් මිල ඉහළයාමත් ය. මෙම වගාවන් සංවර්ධනයට කඩිනම් පියවර ගැනීම මේ වන විට රටේ අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී හමාර ය. ලංකාවේ කෘෂිකාර්මික අංශයෙන් 4.7% ක දායකත්වයක් දැක්වීමට ප්‍රබල ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරන මෙම වගාවන් ද්විත්වය සඳහා වගකිවයුතු බලධරයනි පත්කර සිටිය ද ඔවුන් මේ වන විට නිද්‍රාගතව සිටීම රටේ ආර්ථික පරිහානියට ප්‍රබල සාධකයක් වී ඇත. එහෙයින් බලධාරීනී, නිදිවර්ජිතවීමට කාලය එළඹ ඇත. මේ ඔබේ අවධානය පිණිසයි.

පී. ඒ. පී. කේ. කුමාරි
නැගෙනහිර විශ්වවිද්‍යාලය
ත්‍රිකුණාමල මණ්ඩපය

 


නව අදහස දක්වන්න

Or log in with...