චන්ද්‍රිකා වැව ජනපදය සතු සුසාන භූමියේ පදිංචියට පවුල් 4කට බලපත් | දිනමිණ

චන්ද්‍රිකා වැව ජනපදය සතු සුසාන භූමියේ පදිංචියට පවුල් 4කට බලපත්

මීට වසර(62) කට පෙර එනම් 1958 දී ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජනපදය බිහි වී ඇත. තුංකම,කුට්ටිගල,පදලංගල,තොරගල,කච්චිගල,කිරවිලයාය ආදී ග්‍රා.නි.ව. මගින් 1958දී ඉදිකළ මේ ජනපදය සිතියම්ගත කිරීමේදී තෝරගල ප්‍රදේශයේ පදලංගල ජනතාව වෙනුවෙන් සුසාන භූමිය සදහා අක්කර 3ක භූමියක් වෙන් කර දී ඇත. පළමු පරපුරේ අය මිහිදන් කළේ තමන්ගේ ඉඩම්වලය.

දෙවන පරපුරේ අයද මිහිදන් කළේ එසේමය. දැන් ගෙවී යන්නේ තුන්වන පරපුරය.

ඔවුන් සිය මවුපියන්ට අයත් ඉඩම්වල නිවාස තනා ජීවත් වන බැවින් ඉඩකඩම් සීමා වී ඇති බැවින් කෙනෙක් මියගිය හොත් මිහිදන් කිරීමට ඉඩකඩ නොමැති බැවින් ජනපදයේ සුසාන භූමිය අවශ්‍ය විය.

පසුගිය දින සුසාන භූමියට අයත් අක්කර 3 කොටස සුද්ද පවිත්‍ර කිරීමට ගම්මු ගියවිට පදිංචි පවුල් 4ක් එයට විරුද්ධ වීම නිසා සොයා බැලීමට සිදු විය.

පසුව අනාවරණය වූයේ එම පවුල් 4ට පදිංචිය සදහා මහවැලියෙන් බලපත්‍ර දී ඇති බවය. ඉකුත් කාලයේ සිටි නිලධාරින් සන්තෝසම් රැගෙන මේ බලපත්‍ර ලබා දී ඇත.

ග්‍රාම නිලධාරී වසම් 3ක ජනතාව පැමිණ පොලිසිය හා මහවැලි නිලධාරීන්ගේ ද සහාය ඇතිව ඉකුත් දින පර්චස් 18ක බිම් කොටසක් වැට මායිම් කර අත්පත් කර ගෙන ඇත. ඉතිරි බිම් කඩ එම පදිංචි පවුල් 4කට ලබා දීමට කටයුතු කර ඇත. 

උඩවල විශේෂ සේන විදාන ගමගේ

නව අදහස දක්වන්න