බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාමයේ රන්වැට විවෘත කළදා... | දිනමිණ

බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාමයේ රන්වැට විවෘත කළදා...

බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්කාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද රන්වැට සහ අටවිසි බුද්ධ මන්දිරය පසුගියදා විවෘත කෙරිණි. විහාරාධිපති ඇල්ලකොනේ චන්දරක්ඛිත සහ විහාරාධිකාරී මඩුපොත සරණතිස්ස හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙය ඉදිකර ඇත. බොරලැස්ගමුව මෙට්ලිකෝ ආයතනාධිපති හර්බට් කරුණාරත්න සහ බන්දුල ජයසිංහ හා ශ්‍යාමලී ජයසිංහ දෙපළගේ ධන පරිත්‍යාගයෙන් මෙය ඉදිකර තිබේ.

අටවිසි බුද්ධ මන්දිරය බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් විසින් හා සුවාරපොළ බුද්ධාලෝක විහාරාධිපති අඹේවෙල පඤ්ඤාසාර මහනාහිමියන් විසින් රන්වැටද විවෘත කරන ලදී. මේ එහි අවස්ථාවකි.

ඡායාරූපය - කැස්බෑව සංචාරක
ධර්මසිරි සුරවීර


නව අදහස දක්වන්න

Or log in with...