නුසුදුස්සෝ 80ක් ඡන්දේ ඉල්ලති | දිනමිණ

නුසුදුස්සෝ 80ක් ඡන්දේ ඉල්ලති

අනුර ප්‍රේමලාල්
රක්ෂණ ශ්‍රියන්ත

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නුසුදුසු අපෙක්ෂකයන් අසූවක් පමණ නාමයෝජනා ලැයිස්තුවල සිටින බවට තොරතුරු මැතිවරණ කොමිසම හා දේශපාලන නියෝජිතයන් අතර පැවැති රැස්වීමේදි අනාවරණයවී ඇත.

මෙම රැස්විමට නිරීක්ෂණ සංවිධානයක් ලෙස සහභාගිවු පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා කි‍යා සිටියේ මෙසේ සුදුසු නැති අය සභිකයන් ලෙස පත්වුව හොත් ඒ අයගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට මාර්තු 12 ව්‍යාපාරය ලෙස අධිකරණයට යන බවයි. එමෙන්ම කිසිම සභාවක් සමග මුල්‍ය ගිවිසුම් අත්සන් කරමින් කොන්ත්‍රාත් කටයුතු කර තිබෙන අයට ද එම සභාවල මන්ත්‍රීධූර දැරිමට නොහැකි බව ඒ මහතා කරුණු පෙන්වා දෙයි.

එමෙන්ම අපේක්ෂකයින්ට ගෙන්ගෙට යෑමට පැවැති කාලය රාත්‍රී 7.00 සිට 9.00 දක්වාද දීර්ඝ කිරීමට මෙහිදි තීරණය වී තිබේ. එමෙන්ම අපේක්ෂකයින් වර්ධනය කරන කිසිදු සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම , සිදුකිරීම හා ආරම්භ කිරිම කරන්න නොහැකි බව මෙහිදි කොමිසම දැනුම් දුන්නේය. මෙහිදි දේශපාලන නියෝජිතයෝ පවතින නීති දැඩිබව පෙන්වා දුන්හ.

පැෆරල් සංවිධානයට මේ වන විට පැමිණිලි 360ක් ලැබි තිබේ. මැතිවරණ කොමිසමේ පිහිටුවා ඇති පැමිණිලි ඒකකයට පැමිණිලි 424ක් ලැබි ඇති අතර ඉන් නීති උල්ලංඝනය කිරීම් 132ක්ද පෝස්ටර් කටඅවුට් පිළිබඳ පැමිණිලි 98ක්ද ලැබි තිබේ. ඉන් වැඩිම පැමිණිලි ලැබි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ය එම පැමිණිලි ප්‍රමාණය 84කී. ගම්පහ 38ක්කුරුණෑගල 2ක් මහනුවර 21ක් පැමිණිලි ලැබි තියෙන අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් කිසිම පැමිණිල්ලක් ලැබි නැතිත බව එම ඒකකය පවසයි.

මේ අතර පොලිස් මැතිවරණ පැමිණිලි ඒකකයට පැමිණිලි 145ක් ලැබි තියෙන අතර අත්අඩංගුවට ගැනීම් 140ක්ද එම අත් අඩංගුවට ගැනීම් අතර අපේක්ෂකියින් දහසයක් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි. 

නව අදහස දක්වන්න