සිසුන් දෙපිරිසක් ගැටී යාපනය කලා පීඨය වසයි | දිනමිණ

සිසුන් දෙපිරිසක් ගැටී යාපනය කලා පීඨය වසයි

සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන හා සිවුවන වසර වසා දැමීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

මෙම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් හතර දෙනකු යාපනය මහරෝහලට ඇතුළත් කර ඇත.

සිවු වන වසර සිසුන් පිරිසක් බීමතින් යුතුව විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ තෙවන වසර සිසුන් සමඟ බහින්බස්වීමක් ඇති කර ගෙන තිබෙන අතර පසුව ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. ගැටුම තව දුරටත් වර්ධනය වීම වැළැක්වීමට සඳහා මෙසේ එම සිසුන් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කර ඇත.

පෙරේදා (11) උදෑසන සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති ඊට සුළු වේලාවකට පසුව මෙම සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිටත ස්ථානයක දී මත්පැන් පානය කර විශ්වවිද්‍යාල භූමියට පැමිණ ඇති බව තහවුරු වී තිබේ.

ගැටුම ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බීමතින් හැසිරුණු සිසුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත. මෙම ගැටුම සම්බන්ධයෙන් යාපනය පොලීසියද විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත. 

සමන්මලී ප්‍රියශාන්ති, වව්නියාව උතුර සමුහ

නව අදහස දක්වන්න