හොරකමින් තොර ප්‍රාදේශීය පාලනයක් ඇති කරනවා | දිනමිණ

හොරකමින් තොර ප්‍රාදේශීය පාලනයක් ඇති කරනවා

අපිට උවමනා හොරකමින් තොර ප්‍රාදේශීය පාලනයක් ඒ සඳහා වන ආරම්භය මේ එළඹෙන පළාත් පාලන ඡන්දයෙන් ආරම්භ කරනවා යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා සඳහන් කලේ මොනරාගල , ඇතිමලේ ප්‍රදේශයේ පැවැති මහජන හමුවක දීය.

ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද කීය.

පහුගිය පාලන කාලයේ මේ රටේ තිබුනේ තියෙන එකාව පෝෂණය කරන තියෙන එකාටම බෙදන ආණ්ඩු.මේ තුල ඇති හැකි උන් ටික තව තවත් තර වුනා මිසක් නැති බැරි මිනිහට කිසිවක් ලැබුනේ නැහැ.

මේ තත්ත්වය රටෙන් තුරන් කරන්න තමයි අවුරුදු 3 ට කලින් රටේ ජනතාව ඡන්දය දීල දූෂිත රජයක් පලවා හැරියේ.දැන් අපි සූදානම් වෙන්නේ මෙතෙක් කල් කිසිවක් නොලද ගමේ ජනතාවට ආර්ථික සමෘද්ධිය ලබා දීම සඳහා වුන වැඩපිළිවෙල ආරම්භ කරන්න.ගමේ ආර්ථිකය හඳන්න නම් ගම ගැන තීන්දු කරන ප්‍රාදේශීය සභාව , නගර සභාව , මහ නගර සභාවා නිවැරදි අය පත්කර ගත යුතුයි.එතැන නිවැරදි වුනොත් නැති බැරි මිනිසාට ඇති හැකි තත්ත්වයක් උදා කරල දෙන්න පුළුවන්.පහුගිය කාලේ ගමේ ප්‍රාදේශිය සභාවේ හිටපු මහජන නියෝජිතයෝ ටික වැඩ කලේ ගම ගැන හිතලවත් , ජනතාව ගැන හිතලවත් නොවෙයි.මේ අය වැඩ කලේ කොන්ත්‍රාත් ටික තමන්ට ගන්නෙ කොහොමද කියල හිතලයි.මේ නිසා පහුගිය කාලේ ගමට කිසිදෙයක් වුනේ නෑ.පාලනයේ ඉහළම අයගෙ ඉඳල හොරකමින් වංචාවෙන් කෙල පැමිනි ඒ යුගයේ හබන් කුකුළන්ට රජ මඟුල් වගේ ප්‍රාදේශීය සභාවල සභාපතිලට, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට හොරකම් කරන්න හොඳ වටපිටාවක් හදල දීල තිබුනා.

තවදුරටත් අදහස් පලකරමින් “ අද ඔය බුලත් කොළෙයි , පොහොට්ටුවෙයි ඉන්න මහත් හොරු ඔක්කෝම එකට ඉඳගෙන තමයි පහුගිය කාලෙ පුරා රටේ ධනය හොරා කෑවේ.මේ අය කරපු හොරකම් වල පව් ගෙවන්න වුනේ අපිට.පහුගිය වසර 3 ක් තිස්සෙම අපිට සිද්ධ වුනේ මේ පරණ පව් වලට කරගහන්න.ක්‍රමයෙන් අපි මේ පරණ පව් ගෙවල අද ආර්ථික වශයෙන් හොඳ තැනකට රට ගෙනල්ල තියෙනවා.දැන් උදා වෙලා තියෙන්න වැඩ කරන්න පුළුවන් කාලය. යුද්ධෙ ඉවරකල එක හැරුණම ඔය මහත් හොරු අපේ ගම් වලට කරපු කිසි දෙයක් නෑ.එදා ගම්උදා වැඩසටහන් ගෙනල්ලා මේ ජනතාවගේ නිවාස අවශ්‍යතාව සපුරන්න කටයුතු කලායින් පසු කිසිම නිවසක් මේ දිස්ත්‍රික්කය තුල ගොඩනගන්නට ඔය සුමේධ නෝනලට , විජිතමුණි මහත්තයලට බැරිවුනා.නමුත් ගෙවුණු වසර 3 ක පමන කාලය තුල අපි මේ ප්‍රදේශයට ගෙනා සංවර්ධනය අති විශාලයි.පාසල් සංවර්ධනය , මාර්ග සංවර්ධනය , රෝහල් සංවර්ධනය වගේම ජනතාවට බලපාන භාණ්ඩ මිල ගණන් වසර 3 ක් තිස්සේ ඉහළ නොයවා අවම මට්ටමක පවත්වාගෙන යාමත් ජනතාවට අපි කල මෙහෙවරෙන් ටිකක් පමණයි.


නව අදහස දක්වන්න