මීතොටමුල්ල කසළ කන්ද විමර්ශන වාර්තාව බාරදීමට ජනපතිගෙන් දින ඉල්ලයි | දිනමිණ

මීතොටමුල්ල කසළ කන්ද විමර්ශන වාර්තාව බාරදීමට ජනපතිගෙන් දින ඉල්ලයි

කමනි අල්විස්

මීතොටමුල්ල කසළ කන්දට අදාළව පත්කෙරුණ විශේෂ විමර්ශන කමිටුවේ නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව බාරදීම සඳහා එම කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දින ඉල්ලා තිබේ.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් ඩී. එම්. කරුණාරත්න මහතා ලේකම් ලෙස කටයුතු කළ විමර්ශන කමිටුව ජනාධිපතුමා පත්කරනු ලැබුවේ 2017 අප්‍රේල් 26 දාය.

ජනාධිපතිතුමා වෙතට බාරදෙන කමිටු වාර්තාව පිටු පනස්තුනකින් හෙබිය. කමිටුවේ නිර්දේශ සහ සවිස්තරාත්මක විස්තරයන් මෙහි ඇතුළත් වන බවත් ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත ආයතන, මන්ත්‍රීවරු, රාජ්‍ය නොවන සංවිධාන, මහජනතාව ඇතුළු පුද්ගලයන් විසිහයදෙනෙකු කමිටුව හමුවේ මේ සම්බන්ධව ප්‍රකාශ ලබා දී තිබේ. කමිටුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රැස්වුණි.

වසර 2017 අප්‍රේල් 14 දා මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීම සිදුවිය. ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර වාර්තාවක් සපයන ලෙසට ජනාධිපතිතුමා මෙම කමිටුවට දැනුම් දී තිබුණි. 

නව අදහස දක්වන්න