මාතලේ වැටලීම්වලින් ලක්ෂ 76ක හොර මත්පැන් | දිනමිණ

මාතලේ වැටලීම්වලින් ලක්ෂ 76ක හොර මත්පැන්

නිමල් රාජපක්ෂ

මාතලේ සුරාබදු බල ප්‍රදේශයේ පසුගිය වසරේදී කළ සෝදිසි මෙහෙයුම්වලින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සැකකරුවන් 734 දෙනකු කොටුකරගෙන එම සැකකරුවන් ළඟ තිබී රුපියල් 7600000/-වටිනා මත්පැන් සොයා ගැනීමට මාතලේ සුරාබදු නිලධාරීන් සමත්වී ගෙන ඇත..

මෙම සෝදිසි මෙහෙයුම් උකුවෙල , තඹන්ගඟ, ගලේවෙල , නාඋල , පල්ලේපොල, මාතලේ ,යටවත්ත, රත්තොට , ලග්ගල පල්ලේගම, විල්ගමුව, දඹුල්ල යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල සිදුකළ බව මාතලේ සුරාබදු අධිකාරී ආර්.එම්. සේනාරත්න මහතා පවසයි.

මෙහිදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 244 ක්, බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ ස්ථාන 111 ක්, ගංජා හා හෙරොයින් අලෙවි කළ ස්ථාන 06 ක්, අනවසරයෙන් දුම්කොළ අලෙවි කිරීම් 11ක්, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම් මහරා ළග තබාගැණීම් ඇතුළු අනිකුත් වැටලීම් 362ක් හා බලපත්‍ර කොන්දේසි කඩකරමින් සිදුකළ වැටලිම්වලදී රුපියල් 4961650 /- දඩ මුදලක් රජයට ලබාදීමට මාතලේ සුරාබදු නිලධාරින් සමත්වී ඇත.

මෙහිදි නීති විරෝධී මත්පැන් ජාවාරම් මාතලේ , දඹුල්ල, නාඋල, ලග්ගල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙතද, බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවිකළ හෝටල් , ආපනශාලා හා රටබීම හල් වටලා මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ගාමිනි අධිකාරී මහතා වෙත ඉදිරිපත් කොට මෙම දඩමුදල අයකරගෙන ඇත.

මධ්‍යම පළාත භාර සහකාර සුරාබදු කොමසාරිස් ගාමීණී අධිකාරී මහතාගේ උපදෙස් මත, මාතලේ සුරාබදු අධිකාරි ආර්.එම්. සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ , සුරාබදු ස්ථානාධිපති ඒ.එල්.ඒ.එච්.පී .ලියනගේ , සුරාබදු පරීක්ෂකවරුන් වන ඩබ්.එම්.එස්.ඩී . ජයවර්ධන, ඩී.එම්.එස් .විජේකෝන්, ආර්.කේ.ඒ.ඩී.සී.එස්.රණවීර, සැරයන් මේජර් සමරකෝන්, නියාමකවරුන්වන වර්ණසුරිය, බන්ඩාර, චන්ද්‍රසේකර, පාලිත, සමරකොන්, ආර්.ජී.ඩී.පි.බන්ඩාර, උදාර, විජේරත්න හා ගුණසේකර යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...