මෙරට නිපදවන තුවක්කු ගබඩාවක් වට‍ලයි | දිනමිණ

මෙරට නිපදවන තුවක්කු ගබඩාවක් වට‍ලයි

යටියන්තොට, වී ඔය වත්ත ජයවින්දාගම ප්‍රදේශයේ නිවසක තිබූ බලපත්‍ර රහිත දේශීය නිෂ්පාදිත අවි තොගයක් සමග සැකකරුවකු පෙරේදා (11) සවස අත්අඩංගුවට ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් දේ අතර දේශීය නිෂ්පාදිත බදින කඳන් තුවක්කු 01ක් හා ඒ සදහා යොදාගන්නා අමතර කදන් 02 ක්, දේශිය නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටනු ලබන තුවක්කු 01 ක්, වෙඩි බෙහෙත් කොටනු ලබන ගල්කටස් වර්ගයේ තුවක්කු 01 ක්ද විය.

අවි නිෂ්පාදනය කර ළඟ තබා සිටි සැකකරු වයස අවුරුදු 56 ක විවාහකයකු වන අතර මේ තුවක්කු කුමන කටයුත්තක් සදහා යොදාගන්නේද යන්න පිළිබඳ පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

අත්අඩංගුවට ගත් සැකකරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය යටියන්තොට පොලිසියේ පොලිස් ස්ථානාධිපති එච්.පී.එස්.පී.කේ.චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි පො.ප. බ‍ණ්ඩාර, උ.පො.ප.සේනාරත්න, පො.සැ (64536) චන්ද්‍රසේන, (30653) අලහකෝන් ,පො.කො.(48702) ජීවානන්ද යන මහතුන් මෙම මෙහෙයුමට සම්බන්ධ විය.

යටියන්තොට
සමන් එස්.රත්නායක

නව අදහස දක්වන්න