තද සුළඟින් ප්‍ර‍දේශ කිහිපයකට බලපෑම් - අදත් වැසි | දිනමිණ

තද සුළඟින් ප්‍ර‍දේශ කිහිපයකට බලපෑම් - අදත් වැසි

අධික වැසි සහ තද සුළඟත් සමගින් කොටදෙණියාව, බඩල්ගම සහ වල්පිට ඇතුළු ප්‍ර‍දේශ කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍ර‍දේශයේ විදුලිය බලය ඇනහිට ඇති අතර මාර්ග තදබදයක් ද නිර්මාණය විය.

පොලීසිය පැවසුවේ ඇතැම් ස්ථානවලට තවමත් ළඟාවිය නොහැකි බවයි.

මේ අතර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

මහජනයා සඳහා කාලගුණ අනාවැකි

සෙසු පලාත්වල තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් (මි.මි.50 වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.  

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ  හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

නව අදහස දක්වන්න