මෙත්තාවයි ගෝත්‍රයේ සන්සුන් ජීවිත | දිනමිණ

මෙත්තාවයි ගෝත්‍රයේ සන්සුන් ජීවිත

ඉන්දුනීසියාවේ ජීවත්වන දනාන් වයිෂු සුමිරන් අත්දැකීම්වලින් පරිපුර්ණ ඡායාරූප ශිල්පියකු මෙන් ම සුප්‍රක‍ට සංචාරක බ්ලොග් නිර්මාණ ශිල්පියකු වේ. ඔහු පසුගිය දිනක බටහිර සුමාත්‍රා වෙරළ තීරයේ සැතපුම් අනූවක් පමණ දුරින් ජීවත් වන ඉන්දුනීසියාවේ මෙත්තාවයි ග්‍රෝත්‍රිකයින් පිළිබඳ ගවේෂණයක යෙදුනේ ය.

මෙත්තායි ග්‍රෝත්‍රිකයෝ නාගරික සමාජය සමඟ කිසිඳු සබඳතාවක් නොදක්වති. ඔවුන් හෙල්ලවලින් සහ විෂ සහිත ඊතලවලින් සතුන් දඩයම් කිරිම ඔවුන්ගේ ජීවනෝපායයි. ඉන් සොයා ගනු ලබන ගොදුරුවල කොටස්වලින් ග්‍රෝත්‍රිකයින් සිය නිවෙස් අලංකාර කරනු ලබයි.ඇතැම් ජීවනෝපාය මාර්ග කාන්තා පුරුෂ භේදය අනුව වෙන් කරයි. ඒ අනුව දඩයම් කිරීම බෝහෝ විට සිදු කරන්නේ පුරුෂයින් විසිනි. මසුන් ඇල්ලීම කාන්තාවන් විසින් සිදු කරනු ලබයි. පිරිමි දරුවන්ට අවුරුදු පහ වන විට දී විදීම කියා දීම සඳහා උණ පොලු ලබා දෙන අතර අවුරුදු දහය සම්පුර්ණ වන විටදී වනාන්තරයකට ගොස් දඩයම් කිරීම සඳහා ඊයම් විෂ සහිත ඊතල ලබා දේ.

මෙම මෙත්තාවයි ග්‍රෝත්‍රිකයින් සෑම ජීවමාන වස්තුවකටම ආත්මයක් තිබෙන බව විශ්වාස කරමින් ඒවාට නමස්කාර කරනු ලබයි. වි‍ශේෂයෙන් ම ගංඟාවලට නමස්කාර කරයි . තව ද මෙම ග්‍රෝත්‍රයේ කාන්තාවන්,පුරුෂයින් සහ කුඩා දරුවන්" Laggai Turuk" නමැති මෙම ග්‍රෝත්‍රයට ආවේණික වු නර්තනයෙහි නිරත වනු ලබයි. මොවුන් මෙම නර්තනයේ යෙදෙන්නේ හිසට වෛවර්ණ අලංකාර ආයිත්තම් සහ ගෙලට පබළු ඇල්ලූ ආභරණ පැලඳගෙන ය. ශරීරයේ පහළ කොටසට ගස්වල කොළ, අතු සහ කුරුලු පිහාටුවලින් ඇදුම් නිර්මාණය කර ගෙන සිටීම ද විශේෂත්වයකි.

මෙම ග්‍රෝත්‍රයේ කාන්තාවන් සහ පුරුෂයින් සියල්ලක්ම ශරීරයේ පච්චා කොටා ගෙන තිබීම ද සුවිශේෂී වේ. ගස් වැල් සහ සත්ත්ව රූප ශරීරයේ පච්චා කෙටීම සඳහා තෝරා ගනු ලබන සංකේත වේ. මොවුන් තම ජීවන රටාව අවට පවතින ස්වභාව සෞන්දර්ය සමඟ ඒකාබද්ධ කර තිබේ. මෙම ගෝත්‍රයේම ජීවත්වන අර්ධ නෝමැටික් නම් වු ජනයා උමාස් නමැති උණබටවලින් නිම කරන ලද නිවෙස්වල ජීවත් වේ. තමන්ගේ මියගිය ආදී මුතුන් මිත්තන් තම අවට පරිසරයේ ආත්මයන් ලෙස සැරිසරන බව මෙත්තාවයි ග්‍රෝත්‍රිකයින් දැඩිව විශ්වාස කරනු ලබයි.

මෙත්තාවයි ග්‍රෝත්‍රිකයින් පිළිබඳව ගවේෂණය කරමින් ජායාරූප ගැනීම සිදු කළ

දනාන් වයිෂු මෙම ගෝත්‍රයට ආවේණික වූ ජීවන රටාවේ ක්‍රියාවලීන් හැට හතර දහසක් පමණ තිබෙන බව තහවුරු කර ඇත.

"ඹවුන් ඉතා ආකර්ෂණීය පුද්ගලයින්. කාර්යබහුල නගරවලින් ඈත් වී සතුටින් සහ සාමකාමීව ජීවත්වන ආකාරය සැබවින්ම අපූරුයි. ඒ පිළිබඳව මට නිරන්තරයෙන් කල්පනාවට නැගෙනවා.

මෙන්තාවයි ජනතාවගේ ජීවිතය දෙස බලා ස්වභාවධර්මයට ඇලුම් කරනවා නම් ජීවිතයේ සරල බව මැනවින් තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මෙන්තාවයි ජනතාව සංවිධානාත්මකව වැඩ කරන පිරිසක් කියලා මම හොඳින් තේරුම් ගත්තා." යනුවෙන් දනාන් වයිෂු මාධ්‍යට ප්‍රකාශ ක ෙළ්ය.

අන්තර්ජාලය ඇසුරිණි
මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න