ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක් | දිනමිණ

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාල කණ්ඩායම සමග පෙරේදා පැවැති තරගයෙන් ලකුණු 340ක වාර්තාගත ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. ඕනෑම මුහුණුවරක ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙස මෙය වාර්තාපොතට එක්විය.

නේපාල කණ්ඩායම සමග සිය තුන්වැනි තරගයට එක්වූ චන්දන දේශප්‍රියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදී නියමිත ඕවර 40 තුළ කඩුලු 5කට ලකුණු 494ක් රැස් කිරීමට සමත්වූ අතර නේපාලය ඕවර 33.4කදි ලකුණු 153කට දැවී ගියේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු දිමුතු රවීන්ද්‍ර නොදැවි ලකුණු 170ක් රැස් කිරීමට සමත්වූ අතර නායක චන්දන දේශප්‍රිය පන්දු 62කදී ලකුණු 129ක් රැස් කළේය. මීට අමතරව ප්‍රියන්ත කුමාර වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 67ක් ලබාගැනීමට සමත් විය. 

නව අදහස දක්වන්න