බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා | දිනමිණ

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් පෙන්වා දී ඇතතේ, බැඳුම්කර නිකතුව සම්බන්ධයෙන් ජනපති කොමිසම සකස්කළ වාර්තාව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමෙන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

අදාළ නිවේදනය පහත පරිදි දැක්වේ....

ප්‍රවෘත්ති නිවේදනය

බැඳුම්කර නිකුතුව පිළිබද ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ වාර්තාව දැන් ජනාධිපතිතුමන් විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. මාස දහයක් තිස්සේ එම විමර්ෂණ කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට ස්තුතිය පළ කර සිටින්නෙමු.

එසේම සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව විසින් බැඳුම්කර නිකුතුව පිළිබද සිදුකල පරීක්ෂණ වාර්තාව 2016 ඔක්තෝබර් 31 වැනිදා අගමැතිවරයාගේ උපදෙස් මත නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

බැඳුම්කර නිකුතුව විධිමත් කරලීම පිළිබදව මෙන්ම මතබේදාත්මක බැඳුම්කර නිකුතුවට වගකිවයුතු නිලධාරින් යන්න හා ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු නෛතික පියවර පිළිබදව ද නිර්දේශ ඉදිරිපත් කරන ලෙස 2016 දෙසැම්බර් මාසයේදී අගමැතිවරයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අනුව බැඳුම්කර නිකුතුව සම්බන්ධ සුදුසු නෛතික පියවර ගැනීමේ වගකීම 2016 වසරේ දෙසැම්බරය වන විට අගමැතිවරයා විසින් ද 2018 ජනවාරි වන විට ජනාධිපතිවරයා විසින් ද නීතිපති දෙපාර්තමේන්තුවට පවරා ඇත.

යහපාලන ජාතික ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිගරුක පිළිවෙත මෙම ක්‍රියා මාර්ග ඔස්සේ යළිදු තහවුරු කිරීමට අපට හැකිවිය. දැන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සුදුසු ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.

එසේම කොමිසම විසින් සඳහන් කළ පරිදි 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු කොට, නීතිමය ක්‍රියා මාර්ග ගැනීමද යහපාලන ජාතික ආණ්ඩුවේ අභිප්‍රායයි.

පසුගිය ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක වූ ද්වේශ සහගත අසත්‍ය අවලාද හා මඩ ගැසීමේ සම්ප්‍රදාය වෙනුවට නීතියේ හස්තයට කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මන වීමට අවකාශ සැලසීම අප සැමගේ අභිලාෂයයි.

 

නව අදහස දක්වන්න