තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපෑලට බාර දීම 11 වැනිදා | දිනමිණ

තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපෑලට බාර දීම 11 වැනිදා

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපෑලට බාරදීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
 
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේ තැපෑලෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයින්ගේ නාමලේඛන ඊයේ දිනයේ දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලවලදී සහතික කෙරුණු බවයි.
 
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් පන් ලක්ෂ 60,536 දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.
 
තැපැල් ඡන්ද සලකුණු කිරීම මැතිවරණ කාර්යාලල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල ජනවාරි මස 22 වන දින සිදුකිරීමට නියමිත අතර සෙසු රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජනවාරි 25 සහ 26 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.

නව අදහස දක්වන්න