ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව අවලංගු නොකර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැහැ | දිනමිණ

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව අවලංගු නොකර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැහැ

හිටපු මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු අනුර සෙනෙවිරත්න

ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුව අවලංගු නොකර කොමිසම කර ඇති නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකි බව හිටපු මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජ්‍යෙෂ්ඨ නීතීඥ අනුර සෙනෙවිරත්න මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශයේ දී කිසිම තැනක දී ප්‍රශ්න ගත නිකුතුව අවලංගු කරන් නැයි කොමිසම නිර්දේශ කර ඇති බවට සඳහනක් නැතැයි ද අනුර සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

කාර්ය පටිපාටියේ යම් දෝෂයක් තිබුණ ද නීත්‍යානුකූල ආකාරයට බැඳුම්කර නිකුතුව නිකුත් කර ඇති හෙයින් එය අවලංගු නොකර කොමිසමේ නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැතැයි නීතීඥ අනුර සෙනෙවිරත්න මහතා කියයි.

බැඳුම්කර නිකුතුව අවලංගු කරන තෙක් ආයෝජනයට යෙද වූ මුදල් නැවත අය කර ගැනීමට හැකියාවක් නොමැති බව පෙන්වා දෙන අනුර සෙනෙවිරත්න මහතා කාර්ය පටිපාටියේ දෝෂ තිබූ පලියට බැඳුම්කර නිකුතුවට ආයෝජනය කළ මුදල් නැවත ගැනීමට හැකියාවක් තිබේ දැයි ප්‍රශ්න ගත බව ඒ මහතා පවසයි.

කොමිසමක මූලික කාර්ය භාරය වී ඇත්තේ යම් කරුණක් නිවැරැදි දැයි සොයා බැලීම මිස මත ඉදිරිපත් කිරීම නොවන බව කී සෙනෙවිරත්න මහතා අගමැති මෙසේ නොකළ යුතුව තිබුණා යැයි වශයෙන් මත පළ කිරීම කොමිසමේ බලය අභිබවා යාමක් බවද පැවසීය. වරදක් කර ඇත්නම් ඒ වරදට කෙලින්ම වගකිව යුතු යැයි කරුණු සහිතව ප්‍රකාශ කරනවා වෙනුවට මත පළ කිරීමට කොමිසමට බලයක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

නව අදහස දක්වන්න