කොකේන් කිලෝ 928 විනාශ කිරීම ඇරඹේ | දිනමිණ

කොකේන් කිලෝ 928 විනාශ කිරීම ඇරඹේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 928 ක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටුවා ඇති පරිශ්‍රයක දී විනාශ කිරීම ආරම්භ කර තිබේ. 

එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද පැමිණ සිටින අතර පොලීසිය පැවසුවේ, මෙම කොකේන් තොගය දියර බවට පත්කර අනතුරුව මුළුමනින්ම දහනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

2016 වසරේ දෙසැම්බර් 09 වන දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම කොකේන් තොගය අත් අඩංගුවට ගනු ලැබුවේ කොළඹ වරායට පැමිණි නෞකාවක තිබියදී යි.

 

නව අදහස දක්වන්න