අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට පාසල් උපකරණ | දිනමිණ

අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට පාසල් උපකරණ

තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභි පවුල්වල දක්ෂතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහය දක්වමින් එම දරුවන් උදෙසා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගියදා එම කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත් විය.

ළමයින් සියයටකට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා එක්වී සිටියහ. තලාව ප්‍රාදේශිය ලේකම් එන්. එච්. ආර්. නිශාන්ත මහතා සහ සහකාර ප්‍රාදේශිය ලේකම් දමිත් කනකරත්න යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම ඔස්සේ තලාව ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර චමින්ද හේරත් මහතා විසින් මේ වැඩසටහන සංවිධානය

කර ක්‍රියාවට නංවා තිබිණි. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ වෙනත් පරිත්‍යාගශීලින් සාමසේවය සංවිධානය මේ සත්කාර් සඳහා දායකත්වය සපයා ඇත. මේ අවස්ථාවට සාමසේවය කළමනාකරු ප්‍රියංක දීපාල් එදිරිසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිහු එක්ව සිටියහ.

සටහන හා ඡායාරූපය - ජයගඟ සමූහ නිරෝධනි වනසිංහ


නව අදහස දක්වන්න

Or log in with...