හිමිදිරි පාන්දර නුවරඑළියට මල් තුහින | දිනමිණ

හිමිදිරි පාන්දර නුවරඑළියට මල් තුහින

ඉදිරි දිනවලදී  හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


නව අදහස දක්වන්න

Or log in with...