තුන්කොන් පළමු ගැටුමෙන් බංග්ලාදේශයට ජය | දිනමිණ

තුන්කොන් පළමු ගැටුමෙන් බංග්ලාදේශයට ජය

 

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරකයෝ සමත්වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ලකුණු 170කට සීමාකළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු 129ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේදී ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 84ක් රැස් කිරීමට සමත් විය. පන්දු 93කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් හා හයේ පහරකින් වර්ණවත් විය.

සිකන්දර් රාසා ලකුණු 52ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදි සකීබ් අල් හසන් කඩුලු 3ක් දවාගත් අතර මෂ්ටෆිසුර් රහ්මාන් හා රුබෙල් හුසේන් කඩුලු 2 ක බැගින් බිඳ දැමූහ.


නව අදහස දක්වන්න

Or log in with...