පිරවුම්හලෙන් මුදල් සොරාගත් සුද්දෝ දෙදෙනා CCTV කැමරාවේ | දිනමිණ

පිරවුම්හලෙන් මුදල් සොරාගත් සුද්දෝ දෙදෙනා CCTV කැමරාවේ

මාරවිල පොලිස් වසමට අයත් කටුනේරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් විදේශීකයන් දෙදෙනෙක් එහි සේවකයෙක් වංචනික ලෙස රවටා රුපියල් විසිඅටදහසක මුදලක් රැගෙන පලාගොස් ඇති බව මාරවිල පොලිසිය සඳහන් කරයි.

එලෙස මුදල් රැගෙන යන අයුරු ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබේ.

පසුගිය දින විදේශිකයින් දෙදෙනා ඉන්ධන පිරවුම්හලේ විකිණීමට තිබෙන ගෑස් සිලින්ඩර්වල මිල ගණන් විමසමින් මෙරට තිබෙන මුදල්වල වටිනාකම් සම්බන්ධව ප්‍රශ්න කරමින් එහි සේවකයා අතැති මුදල් සූක්ෂම ලෙස රැගෙන කිසිත් නොදන්නා සේ ඉන් පිටව ගොස් තිබේ.

විදේශිකයින් දෙදෙනා නික්ම ගොස් සුළු වේලාවකින් තමාගෙන් වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බව තේරුම් ගිය පසු මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී මුදල් ලබාගන්නා අයුරු සටහන් වී තිබේ.

විදේශිකයින් දෙදෙනා යතුරුපැදියකින් ඒ ආසන්නයට පැමිණ එය නවතා පාගමනින් ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මිහිර විජේසේකර මාරවිල සමූහ 

 

නව අදහස දක්වන්න