ඉත්තෑපාන පන්නිල මාතෘ සායන ‍ගොඩනැගිල්ල වසා දමලා: | දිනමිණ

ඉත්තෑපාන පන්නිල මාතෘ සායන ‍ගොඩනැගිල්ල වසා දමලා:

 

* සායන වෙන තැනක
* ගැබිනි මවුවරු අසීරුවේ

ඉත්තපාන පන්නිල ළමා හා මාතෘ සායන ගොඩනැගිල්ල අබලන්ව වසා දැමීම නිසා සායන කටයුතු සඳහා වෙනත් ස්ථානවලට යෑමට සිදුවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි ප්‍රදේශයේ මව්වරු කියති.

මෑතකාලීනව ඉදිකළ පන්නිල මාතෘ හා ළමා නිවාස ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇත. ඊට අමතර වහලය කැඩීයාම නිසා වසරකට ආසන්න කාලයක සිට ගොඩනැගිල්ල වසාදමා ඇත. ළමා හා මාතෘ සායන කටයුතු ප්‍රදේශයේ නිවෙසක කාමරයකට ගෙනයෑමට සිදුව ඇතැයි මව්වරු කියති.

මේ නිසා පන්නිල, ගෝනමුල්ල, උඩුවිල, නිදම්පල, කතාන, ආරච්චිගොඩ ඇතුළු ගම්මාන රැසක ගැබිණි මව්වරු, බිලිඳුන් සිටින මව්වරු දැඩි අපහසුතාවයට සිටිති.

මේ පිළිබඳ කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය චන්දන පෙරේරා මහතා කීවේ ගොඩනැගිල්ලේ පැවැති අලුත්වැඩියා තත්ත්වයන් නිසා සායනය තාවකාලික ස්ථානයකට ගෙනගොස් ඇති බවයි. ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණයට මුදල් ප්‍රතිපාදන ලබාදී ඇති නිසා ඉංජිනේරුවරුන්ගේ වාර්තාවලින් අනතුරුව සිදුකරන බවයි.

 

සටහන සහ ඡායාරූප
මීගහතැන්න සමූහ


නව අදහස දක්වන්න

Or log in with...