කළුගල විදුහල අසල මාරක කානුවක් | දිනමිණ

කළුගල විදුහල අසල මාරක කානුවක්

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල මහ විදුහල අසළ ඉදිකර තිබෙන බස් මගී ආවරණය ඉදිරිපිට තනා තිබෙන කානුවක් නිසා එම මගි ආවරණය තුළට යාම ඒම අනතුරුදායක වී ඇත.

මෙයට කලකට ඉහතදි එම බස් මගී ආවරණය ඉදිකරනු ලැබුවේ බස් රථවලින් කළුගල මහ විදුහලට පැමිණෙන ගුරු භවතුන් හා සිසුන්ගේ පහසුව සදහාය.නමුත් එම විදුහල අසළ මාර්ගය අයිනේ ඉදිකර තිබෙන බස් මගී ආවරණය තුළට යාමට ඒමට සිදුවන්නේ එය ඉදිරිපිට තිබෙන අඩි දෙකක් පමණ පළලින් හා උසින් යුත් කානුවක් උඩින් පැනීමෙනි.

මේ නිසා එම පාසල නිමාවට පත්වු පසු එම බස් මගිආවරණට තුළට ගොස් සිටින එම විදුහලේ ප්‍රාථමික දරුවන් අතුළු සිසුන් මෙන් ගුරුභවතුන්හට එම පළල හා ගැඹුරු කානුවෙන් පැන බස් රථවලට නැගීමට සිදුවී තිබෙන්නේ ඉතාම අනතුරු දායක තත්ත්වයකට මුහුණ දෙමින් බව ඔව්හු පෙන්වා දෙති. එබැවින් කිසියම් අනතුරක් සිදුවන්නට පෙර හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල මහ විදුහල අසළ එම බස් මගී ආවරණය ඉදිරිපිට අවදානම් සහිත කානුව කොන්ක්‍රීට් ලෑලි කීපයක් හා යොදා අවරණය කිරිමට අදාළ වගකිවයුත්තන් විසින් පියවර ගත යුතුව තිබේ.

සටහන සහ ඡායාරුපය-ගිනිගත්හේන විශේෂ ජී.ඒ.ගුණසේන 

නව අදහස දක්වන්න