මුහුදේදී කොටුවූ මිලියන 50ක රත්‍රන් | දිනමිණ

මුහුදේදී කොටුවූ මිලියන 50ක රත්‍රන්

රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

රත්‍රන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටියදී මේවා සොයාගෙන ඇති බව වාර්තා වේ.ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර සංචාරක යාත්‍රාවක් කන්කසන්තුරේට එපිට මුහුදු තීරයේදි සැකකටයුතු ඩිංගි බෝට්ටුවක් පරික්ෂාවට ලක්කිරීමේ දී මේව හසුව ඇත.

ග්‍රෑම් 100 බැගින් වූ රත්‍රන් බිස්කට් 70ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මේවා වැඩිදුර පරීක්‍ෂණ සඳහා අද (17) ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට නියමිතය.

නව අදහස දක්වන්න