යොහාන් පීරිස්ගේ එවරස්ට් කන්ද තරණය කිරීමේ දෙවැනි උත්සාහයට පළමු අනුග්‍රහය අගමැතිගෙන් | දිනමිණ

යොහාන් පීරිස්ගේ එවරස්ට් කන්ද තරණය කිරීමේ දෙවැනි උත්සාහයට පළමු අනුග්‍රහය අගමැතිගෙන්

ගීෂා මුණසිංහ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළමු අනුග්‍රාහකත්වය ලබාගත් අයුරු සහ යොහාන් පීරීස් හා ජයන්ති කුරුඋතුම්පොළ සමග අගමැතිවරයා වෙබ් අඩවිය විවෘත කළ අයුරු. ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

කඳුතරණයේ නිතර ශ්‍රී ලාංකිකයන් අතලොස්ස අතරින් වැඩි ජනප්‍රියත්වයක් ලබා සිටින යොහාන් පීරිස් එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සූදානම් වන අවස්ථාවක ඔහු වෙනුවෙන් අනුග්‍රාහකත්වය දක්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

වසර 2016දී එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තාපොතට එක්වු ජයන්ති කුරුඋතුම්පොල සමග එම අභියෝගයට මුහුණදුන් යොහාන් කඳු මුදුන පෙනී පෙනී සිටියදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උත්සාහය අත් හැරියේය.

එහෙත් මේ වසරේදී සිය බලාපොරොත්තුව ඉටු කරගැනීමේ අරමුණ ඇතිව යොහාන් පීරිස් ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිය වෙබ් අඩවිය විවෘත කිරිම සහ ඊට අනුග්‍රාහකත්වය ලබාගැනීම ආරම්භ කළේය.යොහාන්ගේ ගමනට සුබපැතුම් එක් කරමින් ඔහුගේ www.johanneverest2018.com නවතම වෙබ් අඩවිය විවෘත කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පළමු අනුග්‍රාහකයා බවට ද පත්විය.

‘වසර 2016දී ජයන්ති සහ යොහාන් දෙදෙනාම එවරස්ට් කන්ද තරණය කිරීමේ උත්සාහයක නිරතවුණා. නමුත් කඳු මුදුනට යාමට හැකිවූයේ ජයන්තිට පමණයි. අද යොහාන් පීරිස් එම වාර්තාව පිහිටුවන දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සුදානම් වෙනවා. මේ මොහොතේ මා ඔහුට සුබ පතන අතර පළමු අනුග්‍රාහකත්වයත් පිරිනමනවා. ඒ වගේම ඔහුට අනුග්‍රාහකත්වය පිරිනැමීමට ඉදිරිපත් වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මා ඉල්ලා සිටින්න කැමතියි.‘ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මුහුදු මට්ටමේ සිට මීටර් 8,848ක් උසින් යුතු එවරස්ට් තක්ද තරණය කළ පළමු ක්‍රීඩිකාව වන ජයන්ති කුරු උටුම්පළගේ සහයට එක් වූ යොහාන් පිරීස්ගේ ඒවරස්ට් තරණයේ දෙවැනි උත්සාහය පියවරින් පියවර ඉදිරියට යාම හා සමස්ත එවරස්ට් ගවේෂණය සඳහා වැයවන මුළු පිරිවැය ඇමැරිකානු ඩොලර් 58,600 කි. අතර එය සපුරාගැනීම සඳහා ඊයේ ප ‘එක් පියවරක් මුදුනට රුපියල් 100ක්’ ලෙස නම් කළ මාධ්‍ය හමුවේදී යොහාන් පවසා සිටියේ අන්තර්ජාතික කඳුනැගීමේ මඟපෙන්වන්නන් (International Mountain Guides –IMG) විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමක සාමාජිකයකු ලෙස තමා මේ ගවේෂණයට එක්වන බවයි.

මෙම ගවේෂනයේ වියදම සඳහා IMG හී ප්‍රවර්ධන සහාය, ෂර්පා සහ මඟපෙන්වීම් සහාය, සියලුම කඳු නැගීමේ බලපත්‍ර ගාස්තු, ගවේෂනය සඳහා ආහාර පාන සහ නවාතැන් පහසුකම්, භාණ්ඩ ගෙනයාමේ ගාස්තු, සන්නීවේදන පහසුකම්, ඔක්සිජන්, රක්ෂණාවරණය සහ හෙලිකොප්ටර් මගින් සිදු කරන මුදා ගැනීම් සේවාව මෙන්ම එවරස්ට් කන්දේ පිහිටුවා ඇති කඳවුරේ IMG වෛද්‍ය සායනය සඳහා මෙම මුදල වැය කෙරෙනු ඇත.

ක්‍රීඩාවට ලැදි හා ශ්‍රී ලාංකිකයකු දිරිගැන් වීම උදෙසා මේ ‘එක් පියවරක් මුදුනට රුපියල් 100ක්’ ලෙස ආරම්භ කළ අතර සැම ලාංකිකයෙකුටම යොහාන් වෙනු‍වෙන් මුදලින් රුපියල් 100කින් ආධාර කොට ඒවරස්ට් තරණයට ආධාර කළ හැකිය. මේ ගවේෂණයට අනුග්‍රහය දැක්වවීම ඔහුගේ www.johanneverest2018.com අන්තර්ජාල අඩවිය ඔස්සේ සිදුකළ හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා +9411-2372080 දුරකථනය ඔ‍ස්සේ හෝ [email protected] මගින් නදියා ද ලැනරෝල් අමතා ලබාගත හැකිය.

 


නව අදහස දක්වන්න

Or log in with...