බස්නාහිර පළාත් සමුපකාර ක්‍රීඩා උළෙල දා... | දිනමිණ

බස්නාහිර පළාත් සමුපකාර ක්‍රීඩා උළෙල දා...

බස්නාහිර පළාතේ 2017 වසරේ සමුපකාර කුමරා කුමරිය තේරීමේ තරගයට ඉදිරිපත්ව ජයග්‍රහණ කළ සමුපකාර කුමර කුමරියෝ

බස්නාහිර පළාතේ සමුපකාර ක්‍රීඩා උළෙල පසුගියදා ගම්පහ ශ්‍රීබෝධි ක්‍රීඩාංගනයේදී පැවැති අතර මීටර් 100, 200, 4000, 800, දුර පැනීමේ තරගවලට අමතරව 2017 වසරේ සමුපකාර කුමරා හා කුමරිය තේරීමේ තරගයක් ද පැවැත්වුණි.

මෙම ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් බස්නාහිර පළාතේ සමුපකාර ඇමැති ලලිත් වනිගරත්න මහතා ආරම්භක අවස්ථාවට සහභාගි වී සිටියේය.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් දිස්ත්‍රික් සමුපකාර සහකාර කොමසාරිස් එන්. එන්. එෆ්. ෂාහිම්, ‍කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් සහකාර සමුපකාර කොමසාරිස් ආර්. කේ. සෝමරත්න, ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ආසිරි වීරසේකර, සහකාර කොමසාරිස් ජයන්ති දිසානායක යන මහත්ම මහත්මීන් ද සහභාගි වී සිටියහ.

මීට සමගාමීව බස්නාහිර පළාතේ සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට හා ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතික හා ත්‍යාග ප්‍රදානය කිරීමත් මෙහිදී සිදුකෙරුණි. බස්නාහිර පළාත් විවිධ සේවා සමුපකාර සමිති 38 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වී සිටියහ.

උඩුගම්පොළ සමූහ

නව අදහස දක්වන්න