පාසලටම සිසුන් 25යි: ශිෂ්‍ය නායක දිනය උත්සවාකාරයෙන් | දිනමිණ

පාසලටම සිසුන් 25යි: ශිෂ්‍ය නායක දිනය උත්සවාකාරයෙන්

හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් බොරගහමඩිත්ත ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් දිවුරුම් දීම හා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය එම විද්‍යාලයේදී සිදු කෙරිණ.

අතීතයේ සිසුන් 100කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලැබූ මේ පාසලේ මේ වන විට සිටින්නේ සිසුන් 25 දෙනෙකු පමණි.

එසේ වුවද එම සිසුන් අතුරින් 08 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් කර තිබූ අතර, මෙම උත්සවය ප්‍රධාන පාසලක ශිෂ්‍ය නායක දිනයට සමාන අයුරින් පැවැත්වීම කාගේත් ප්‍රසාදයට ලක්විය.

සීමිත සම්පත්වලින් සමන්විත වුවත් ගුරු මණ්ඩලයේ හා මවුපියන්ගේ සහභාගීත්වයෙන් මෙවන් උත්සවයක් පැවැත්වීමට හැකි වූ බව විදුහල්පති පී. ආර්. ඩී. ටී. ලංකාජීව මහතා පැවැසීය. උණ බම්බු, පොල් කටු, ප්ලාස්ටික් කෑන් හා ලී කෝටු ආදිය යොදාගෙන පාසල් තූර්ය වාදන කණ්ඩායම මෙහිදී සිය කාර්යය මනාව සිදු කළේය.

විදුහල්පති ලංකාජීව මහතා හා ශිෂ්‍ය නායක මණ්ඩලය භාර කේ එම්. සුජාතා මහත්මිය සමඟ ප්‍රධාන ශිෂ්‍ය නායක ආර්. ජී. ඉඳුවර බණ්ඩාර හා ප්‍රධාන ශිෂ්‍ය නායිකා ආර්. ජී සුලෝචනා උදයන්ගනී සිසුවිය

හඟුරන්කෙත සමුහ
රාජා ගුණරත්න 

නව අදහස දක්වන්න