ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇති විය හැකියි | දිනමිණ

ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇති විය හැකියි

එක් අත් වැරැද්දක්, එක් වචනයක් ඊට ප්‍රමාණවත්

චිලී හා පේරු රාජ්‍යයේ සංචාරය ආරම්භ කළ පාප් වහන්සේ සිය නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මේ වන විට ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවයි. න්‍යෂ්ටික යුද්ධයකට යෑමේ වැඩි අවදානමක් තිබෙන බවත් ඇතැම් විට එක් පියවරක්, එක් අත් වැරැද්දක්, එක් වචනයක්, එක් සිදුවීමක් ඊට ප්‍රමාණවත් බවත් එතුමා වැඩි දුරටත් පැවසූහ.

අප එතරම් දුර පැමිණි ඇති බව පැවසූ පාප් වහන්සේ අප හමුවේ එවැනි අවදානමක් ඇති බවට අනතුරු හැඟවූ නමුත් හවායි හෝ උතුරු කොරියාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත.

මේ අතර චිලී දේශයට සපැමිණිමෙන් පසු පාප් වහන්සේ විසින් පවත්වන ලද පළමු දේව මෙහෙය සැන්ටියාගේ හි ඔ'හිගින්ස් පාර්ක් හිදී පැවැත්වුණි. අනතුරුව එතුමා සැන්ටියාගෝ හි සැන් ජොක්වින් කාන්තා බන්ධනාගාරය වෙත ගොස් කාන්තා රැඳවියන් හමු වී දේව ආශිර්වාද ලබා දුන්හ. 

නව අදහස දක්වන්න