ලෙසතෝ රාජ්‍යයෙන් විශාල දියමන්තියක් | දිනමිණ

ලෙසතෝ රාජ්‍යයෙන් විශාල දියමන්තියක්

ලෙසතෝ රාජ්‍යයෙන් විශාල දියමන්තියක් හමුවී තිබේ.

මෙම දියමන්තිය මෙතෙක් හමුවී ඇති විශාලතම දියමන්ති අතර පස් වන ස්ථානයේ පවතින බව වාර්තා වේ.

ගොල්ෆ් බෝල දෙකක විශාලත්වයක් ඇති මෙම දියමන්තියෙහි බර කැරට් 910 කි. එහි වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 40 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මෙය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බව දියමන්තිය සොයාගත් ලෙසතෝ රාජ්‍යයේ ජෙම් ඩයමන්ඩ්ස් සමාගම සඳහන් කර තිබේ.

නව අදහස දක්වන්න