මුන්නේශ්වරම සමුහ ඊ. සී. ප්රනාන්දු
හලාවත නගර සභාවට තරග වැදී සිටින කණ්ඩායමක ලැයිස්තුගත අපේක්ෂිකාවකගේ නිවස පිටුපස භුගත බංකරයක සඟවා තිබු කසිප්පු බෝතල් 48 ක් සොයා ගත් හලාවත පොලිසිය එම මත්පැන් සමඟ එම නිවසේ විසු කාන්තාවක ද ඊයේ (18දා) උදේ අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 55 වයසැති සැකකාරිය එම අපේක්ෂිකාවගේ නැන්දම්මා වන බවත් කියයි.
අපේක්ෂිකාව තරග වදිනුයේ පොදුජන පෙරමුණ යටතේ බවත් කියයි.
මේ නිවසෙහි මත්පැන් ජාවාරමක් සිදු වන බවට ලද තොරතුරක් අනුව හලාවත පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරින් පිරිසක් ඊයේ (18දා) උදේ එම නිවසට ගොස් සෝදිසි කර ඇතත් සැක කටයුතු කිසිවක් හමුවී නැත.
ඒ අනුව පසුව නිවස පිටුපස තිබු වතුර ටැංකියක් අසල හාරා පරීක්ෂා කළ අවස්ථාවේ දී එහි පොළව යට ලෑලි යොදා භුගත බංකරයක් තනා ඒ තුළ අරක්කු සහිත ප්ලාස්ටික් බූලියක මේ අරක්කු තිබු බවත් පොලිසිය කියයි.
හලාවත මුලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් මත පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත් කොස්තාපල්වරුන් වන දිසානායක 672021 සුමිත් 89992021 මහත්වරුන් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
නව අදහස දක්වන්න