මුලටියන රක්ෂිතයේ පිඹරෝ පිරිලා | දිනමිණ

මුලටියන රක්ෂිතයේ පිඹරෝ පිරිලා

 කාලයක් තිස්සේ මුලටියන රක්ෂිතයේ පිඹුරන් සිටින බව වාර්තා වී තිබු මිට හේතුව බව පත් වුයේ මෙහි පවතින ජෛව විවිධත්වය හේතු කර ගෙනය. මාතර, මුලටියන රක්ෂිතයේ පාමුල කුඩාපාන ප්‍රදේශයේ අතිදුර්ලභ දර්ශනයක් ලෙස පිඹුරන් පස් දෙනකු එකම ස්ථානයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් අනුව හම්බන්තොට, කලමැටිය වනජීවි කාර්යාලයේ නිලධාරින්ට පෙරේදා (17) විශාල පැරැණි ‍ළිදක අඩි 15ක පමණ දිග දැවැන්ත පිඹුරෙකු අල්ලා ගැනීමට හැකි විය.

වනජීවි නිලධාරින් විසින් මේ පිඹුරා හම්බන්තොට, බුන්දල රක්ෂිතයට ගෙන ගොස් දමා තිබේ. මුලටියන රක්ෂිතය ආශ්‍රිතව විශාල වශයෙන් පිඹුරන් සිටින බව ප්‍රදේශවාසීහු පෙන්වා දී තිබේ.

නව අදහස දක්වන්න