අසිරිමත් කැළණි පෙරහැරට විශේෂ සැලැස්මක් [VIDEO] | දිනමිණ

අසිරිමත් කැළණි පෙරහැරට විශේෂ සැලැස්මක් [VIDEO]

අද සිට ආරම්භ වන කැළණිය රජ මහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

මේ මස 23 වන දින කැලණිය රජමහා විහාරස්ථාන ධර්ම විද්‍යාලය මගින් පවත්වන පෙරහැර හා 27 වන දින කැළණිය රජ මහා විහාරස්ථානයේ දොරකඩ අස්න පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත බව සඳහන්. ශ්‍රී කළ්‍යාණී ධර්ම විද්‍යාලාධිපති විහාරාධිකාරි අති පූජ්‍ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි මෙවර දුරුතු මහා පෙරහැර සලසුම් සම්න්ධයෙන් දැක්වූ අදහස්..

මේ හේතුවෙන් කැලණිය සීමා මාලකය මාර්ගය, 04 කණුව සිට බියගම කොළඹ ප්‍රධාන මාර්ගය, තොරණ හංදිය සිට වරාගොඩට යන මාර්ග, පස්වරු 2.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ පෙරහැර පැවැත්වෙන දිනයන්හි දී වසාදැමීමට සිදුවන බව පොලීසිය සඳහන් කළේය.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස 04 කණුවෙන් බියගම දෙසට පැමිණෙන වාහන පට්ටිය හංදියෙන් නුවර පාර ඔස්සේ ගමන් කළ හැකි අතර, බියගම දෙසින් පැමිණෙන බර වාහන පට්ටිවිල හංදියෙන් නුවර පාර ඔස්සේ ගමන් කළ හැකි බව පොලීසිය පවසයි.

එමෙන්ම බියගම දෙස සිට ගමන් කරන සැහැල්ලු වාහන හා යතුරුපැදි, නාගහමුල හංදියෙන් 230 බස් මාර්ගය ඔස්සේ කිරිබත්ගොඩ දෙසට ගමන් කළ හැකි අතර කොහල්විල හංදියෙන් ගෝණවල මාර්ගය, ඇටහෙරලියගහමුල හංදියෙන් කිරිබත්ගොඩ දෙසට ගමන් කළ හැකි බව ද සඳහන්ය.

 

 

 

නව අදහස දක්වන්න