කතරගම සන්සුන් - වෙඩි තැබූ නිලධරයා අත්අඩංගුවට | දිනමිණ

කතරගම සන්සුන් - වෙඩි තැබූ නිලධරයා අත්අඩංගුවට

කතගරම නගරයේදී අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට ඊයේ රාත්‍රී 11.00ට පමණ පොලීසිය කළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවෙකු මියයාමෙන් නොසන්සුන් වූ කතරගම ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, සිද්ධියෙන් අනතුරුව පිරිසක් කතරගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ය.

ඉන් අනතුරුව පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කලේය.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි කතරගම, නාගහවීදිය පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සිරුර මේ වනවිට කතරගම රෝහලේ තැන්පත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබීම සිදුකළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි.

 

නව අදහස දක්වන්න